ඉස්සරහටත් වාසි වෙන විදිහට සබඳතා පවත්වමු - චීන අවුරුදු හමුවට ගිය විජිත
චීන අලුත් අවුරුදු සැමරුම් උත්සවයේදී විදේශ අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා අන්‍යෝන්‍ය ලෙස වාසිදායක වන අයුරින් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා, චීන තානාපති අතිගරු චී චෙන්හොං (Qi Zhenhong) මහතා සහ එම මැතිණිය විසින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී සංවිධානය කරන ලද 'අශ්ව වර්ෂය' උදාව නිමිත්තෙන් වූ චීන අලුත් අවුරුදු සුහද හමුවට එක් වෙමින්.
එහිදී අලුත් අවුරුදු සුබපැතුම් එක් කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ වටිනා හවුල්කරුවෙකු වශයෙන් චීනය කටයුතු කරන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් චීනය ලබා දෙන දායකත්වය සහ සහයෝගීතාවය ද ඔහු මෙහිදී ඇගයීමට ලක් කළා.
ඊට අමතරව ඔහු මෙහිදී වැඩිදුරටත් සහතික කර සිටියේ ආර්ථික වර්ධනය සහ තිරසාර සංවර්ධනය කරා යන ගමනේදී, දෙරටේම අභිලාෂයන්ට අනුකූල වන ලෙස විනිවිදභාවයෙන් යුත් සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ අත්වන ආකාරයෙන් චීනය සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවයි.

