හෙට 2.30ට නුවරඑළියේ ලොකු වැඩක්
විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) දින ප.ව 2.30ට නුවරඑළිය නගරයේදී පැවැත්වීමට නියමිතයි.
මලෛගම් ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන සමාජ ගැටලුවක් වශයෙන් විෂ මත්ද්‍රව්‍ය උවදුර හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙහි අරමුණ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් පුළුල් දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් ඔස්සේ එම ජනතාව ඉන් මුදාගෙන ඔවුන් සමාජ සහ ආර්ථික ලෙස ඉහළට ඔසවා තැබීමයි.
එමෙන්ම විෂ මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම්වලදී සක්‍රීය දායකත්වයක් ලබා දුන් පොලිස් නිලධාරින් 62 දෙනෙකු ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදු කිරීමට නියමිත බව සඳහන්.