පියුමි හංසමාලි සංවේදි වෙයි - කිසිම දවසක නොවෙනස්වන ආදරයක් ගැන බුකියට සටහනක්[PHOTOS]
කාලෙන් කාලට එක එක මාතෘකාවලට පියුමිගේ නම කියවෙනවා.
ඒ හැම මාතෘකාවටම යට වෙන මාතෘකාවක් තමයි ඇයත් මවක් කියන කාරණාව.
ඇය ගැන කවුරු මොනවා කිව්වත් ඇය මවක් විදිහට තමන්ගේ දරුවන්ට ආදරේ කරන්නේ උතුම් මාතෘ ගුණ පෙර දැරි කරගෙනමයි.
ඇගේ මේ ගති ගුණ නිසාම ඇයට ආදරේ කරන රසික පිරිසකුත් සිටිනවා.
ඔන්න ඉතින් ඒ රසිකයන්ගේ ඇහැට කඳුළක් එකතු කරන සංවේදී සටහනක් පියුමි පහුගිය දවසක සමාජ මාධ්‍යයේ තියලා.
ඒ කිසි දවසක වෙනස් නොවන ආදරයක් ගැන.
විනෝදකාමී, සුවපහසු ජීවිතයක් ගත කරන පියුමි ඇත්තටම බොහෝ දෙනා හිතනවාට වඩා වෙනස් චරිතයක් වුණත් ඇය කිසිම මොහොතක මවකගේ භූමිකාවෙන් බැහැරවී නැති බව ඒ සටහනෙන් පේනවා.



