නවසීලන්තයට සුපිරි ජයක්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවැති තරගය කඩුලු 10කින් ජයගැනීමය නවසීලන්ත කණ්ඩායමට හැකි විය.
ඒ අනුව චෙන්නායිහිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබුණා.
ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 173ක් ලබා ගැනීමට සමත් විය.
එසේම එම ඉනිම වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදුන් නායක මොහොමඩ් වසීම් ලකුණු 66ක් රැස් කළා.
ඒ අනුව ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්වාර 15යි පන්දු 2ක් තුළ කිසිවෙකුත් නොදැවී ලකුණු 175ක් රැස්කරමින් සිය ඉලක්කය පසුකර යාමට සමත් විය.