මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව හෙට

Report

පසුගිය 2022 වසරේ මැයි මස 09 වැනිදා සිදුවූ මෙම සිද්ධියට අදාල නඩු තීන්දුව සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී ප්‍රකාශයට පත් කර තිබේ.

ඉකුත් 2022 වසරේ මැයි මස 09 වැනිදා අරගලකාරී සමයේ නිට්ටඹුව නගරය හරහා ගමන් කරමින් සිටි මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ප්‍රකෝපකාරී පිරිසකගේ ප්‍රහාරයට ලක්ව මෙලෙස ඝාතනයට ලක් විය.

මේ සැත්කම් කරන්න ලියාපදිංචි වුණු ඔයාට සුබ ආරංචියක්

මේ සැත්කම් කරන්න ලියාපදිංචි වුණු ඔයාට සුබ ආරංචියක්

මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබ තිබුණි.

දීර්ඝ සාක්ෂි විභාගයකින් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ජනවාරි මස 14 වන දින නියම කර තිබුණි.

කෙසේ වෙතත් එදින කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම හෙට (11) දින දක්වා කල් තැබීමට තීරණය කර තිබේ.

විදුලි සේවකයන් නැවතත් වර්ජනයකට - හේතුව මෙන්න

විදුලි සේවකයන් නැවතත් වර්ජනයකට - හේතුව මෙන්න