නිවාස දෙකක හදිසියේම ගිනි ගැනීමක් (VIDEO)
colombo
catch fire
maradhana
dhevanampiyathissa road
By Sithumi
මරදාන දේවානම්පියතිස්ස මාවතේ නිවාස දෙකක් අද (18) හදිසියේ ගිනිගැනීමට ලක්වී තිබුණි. කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ රථ දෙකක් යොදවා ගින්න පාලනය කිරීමට පියවර ගෙන තිබුණත් ගින්නෙන් නිවාස දෙකේ ගෘහභාණ්ඩ සියල්ලක්ම විනාශවී ඇති බව .
එක් නිවසක උඩුමහලේ ගින්න ඇතිවී තිබෙන අතර නිවැසියන් සඳහන් කර ඇත්තේ උදෑසන වැඩට යෑමට පෙර පහන් දල්වා පිටය ගිය අතර ඉන් ගිනිගැනීම සිදුවෙන්නට ඇති බවය.
ඒ අනුව අනෙක් නිවස දක්වා ද ගින්න ව්‍යාප්ත වී තිබේ. ගිනිගැනීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |