තැන් දෙකක දරුණු ඝාතන දෙකක්

Sri Lanka Police Crime Law and Order Sinhala news gagana news
By Mithu Jun 01, 2025 03:28 AM GMT
Mithu

Mithu

Report

පුනරින් සහ කලවාන පොලිස් වසම්වල සිදුකළ ඝාතන දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ඊයේ (31) මෙම ඝාතන සිදුකර ඇති බව පොලීසිය පවසයි. දෙපිරිසක් අතර ඇතිවූ පැරණි ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

පුනරින් පොලිස් වසමේ තම්බිරායි ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුකර තිබුණි. එලෙස මියගොස් ඇත්තේ, සෙම්මන්ගුණුඩු, පුනරින් ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර කලවාන පොලිස් වසමේ හෙට්ටිකන්ද ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. එලෙස මියගොස් ඇත්තේ, කලවාන, නාවලකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. මරණකරු ඉඩමක මුරකරුවෙකු ලෙස රැකියාව සිදු කරමින් තම දියණියද සමග එම ඉඩමේ කම්කරු නිවසක පදිංචිව සිට ඇත.

ඔබේ ආරක්ෂාව සඳහා, පොදු ස්ථානවලදී අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පැළඳින්න

ඔබේ ආරක්ෂාව සඳහා, පොදු ස්ථානවලදී අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පැළඳින්න

දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදුව ඇති බවටත් දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කලවාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

පැරදුනාට අනුදිට අවුල්ද?මුහුණු පොතට අනුදිගෙන් සංවේදී සටහනක්

පැරදුනාට අනුදිට අවුල්ද?මුහුණු පොතට අනුදිගෙන් සංවේදී සටහනක්

ReeCha