LTTE ප්‍රබල සාමාජිකයෙක්ව සමරන්න ගිහින් දෙපිරිසක් ගැටෙයි - පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද ඒ අතර.. උණුසුම් වුණ ප්‍රදේශයට ආරක්ෂාවත් තර කරයි.. (VIDEO)

Sri Lanka Police Trincomalee Sri Lanka Police Investigation LTTE Leader
By krishani Sep 17, 2023 05:16 PM GMT
krishani

krishani

Report

අද (17) පස්වරුවේ ත්‍රිකුණාමලය හරහා ගමන් කරමින් තිබූ රථ පෙලපාලියකට ත්‍රිකුණාමලය සර්ධාපුර 6 කණුව අසල රැඳී සිටි පිරිසකගෙන් ඊට විරෝධයක් එල්ල විය.

එම රථ පෙලපාලියට ප්‍රදේශ වාසීන් විසින් පහර දීමක් සිදුකිරිම හේතුවෙන් එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

මෙලෙස රථ පෙලපාලියක් සංවිධානය කර තිබුණේ උපවාසයකින් මිට වසර 36කට පෙර මියගිය බව කියන එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයෙකු වන තිලීපන් හෙවත් රාසයියා නැමැති අය සමරමින් ඔහුගේ විශාල ඡායාරූපයක් රැගෙන යමින් ය.

තිලීපන්ගේ රුව තබා සරසන ලද කැබ් රථයේ නැගී ගිය යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන්ට ද ජාතික කොඩි රැගෙන මග හරස් කල පිරිස් පහර දී තිබෙනවා.

එහිදී පිරිසක් විසින් මන්ත්‍රීවරයා බේරා ගැනීමට සමත් වී ඇත.

කෙසේ වෙතත්, මග හරස් කල පිරිස පැමිණි රථ පෙලපාලියට ආපසු හරවා ගෙන යන ලෙස පැවසීමත් සමග මෙම ගැටුම හටගෙන තිබෙනවා.

විඩියෝ දර්ශන - Hiru News YouTube Channel


ReeCha