ජර්මනියේ රැළියකට පාලනය කර ගත නොහැකිව මෝටර් රථයක් කඩා වදියි - අයෙක් මිය ගොස් 16කට තුවාල
By Mithu
ජර්මනියේ, බර්ලින් අගනුවර පැවති රැළියකට මෝටර් රථයක් කඩාවැදීමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ පිරිසෙන් ඇතැම් අයගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. සමරිසි ප්‍රජාව විසින් තම අයිතිවාසිකම් වෙනුවෙන් බර්ලින්හි ටියර් ගාර්ටන් (Tiergarten) ප්‍රදේශයේ සංවිධානය කර තිබූ රැළියකදී මෙම හදිසි අනතුර සිදුව ඇත.
මෙම අනපේක්ෂිත සිදුවීමත් සමඟ ආරක්ෂක හේතූන් මත එම ස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ ඉදිරි උත්සව කටයුතු වහාම අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.