ළමා නිවාසෙක දැරියන් දෙදෙනෙක් මුරකරුට මුදල් ලබා දී සූක්ෂමව පලා ගිහින්..

Sri Lanka Police Jaffna
By krishani May 09, 2023 04:59 AM GMT
krishani

krishani

Report

යාපනයේ අච්චුවේලී ළමා නිවාසයේ සිටි දැරියන් දෙදෙනෙකු එහි මුරකරුට මුදල් ගෙවා පලා ගොස් ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ළමා නිවාසයේ පාලකවරයා ඊයේ (08) අච්චුවේලී පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ වයස අවුරුදු 13 ක හා 14 ක දැරියන් දෙදෙනෙකු ය.

ඔවුන් ළමා නිවාසයෙන් පළා ගොස් ඇති බව එහි පාලකවරුන් දැන ගෙන ඇත්තේ දින තුනකට පසුවයි.

කෙසේවෙතත්, අච්චුවේලී පොලීසිය මෙම දැරියන් සෙවීම සදහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මේ අතර, පසුගිය මාසයේදී ද යාපනයේ තවත් ළමා නිවාසයකින් ළමයින් තුන් දෙනෙකු පලා ගිය පුවතක් වාර්තා විය.

ඔවුන් විසින් පොලිසියට ලබා දුන් ප්‍රකාශ මත ළමා නිවාසයේ දැරියන්ට ලිංගික අතවර සිදුව ඇති බව හෙළිවීමෙන් පසුව ළමා නිවාසය පවත්වා ගෙන ගිය පාලක පක්ෂයෙ තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීය.

එම ළමා නිවාසයේ සිටි ළමයින් 21 දෙනෙකු යාපනයෙන් කිළිනොච්චියේ පිහිටි ළමා නිවාස දෙකක් වෙත මාරු කොට යවන ලද්දේ අධිකරණ නියෝග මත ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join