ඔබත් ඔබේ නීත්‍යනුකුල ලියකියවිලි මොවුන් ලවා සකස්කර ගත්තද?..එහෙනම් බලාගෙන..

Report

 අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාජ කච්චේරි ද්විත්වයක් පවත්වාගෙන ගිය අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි යුවලක් සහ තවත් පුද්ගලයෙකු මහනුවර පොලිසියේ විශේෂ විමර්ශන අංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තැපැල් පාර්සල් ඇතුලේ තිබ්බ භාණ්ඩ අන්තරස්දාන වුනේ කොහොමද ...

තැපැල් පාර්සල් ඇතුලේ තිබ්බ භාණ්ඩ අන්තරස්දාන වුනේ කොහොමද ...

නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර එය රුපියල් එක්කෝටි දස ලක්ෂ පනස් දහසක මුදලකට මහනුවර ප්‍රදේශයේම පුද්ගලයෙකුට අලෙවි කිරීමෙන් පසු එය ව්‍යාජ ඔප්පුවක් බවට අනාවරණය වී ඇති අතර, ඉඩමි ගනුදෙනුවේ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ හොරණ ප්‍රදේශයේ පුද්ගලයෙකු මාර්ගයෙන් එම යුවළ අත්අඩංගුව ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව, අනුරාධපුරයේ තවත් ව්‍යාජ කච්චේරියක් වැටලු පොලිසිය එහි තිබී ව්‍යාජ හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර,විභාග සහතික, රජයේ කාර්යාල ලිපි ශීර්ෂ, උප්පැන්න සහතික, මරණ සහතික, විදේශ ගමන් බලපත්‍ර ඇතුළු ව්‍යාජ ලියකියවිලි තොගයක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

මහ මැතිවරණයේදී කියපු වැඩේ කියපු වෙලාවට නොකෙරු අපේක්ෂකයින්ට නඩු..

මහ මැතිවරණයේදී කියපු වැඩේ කියපු වෙලාවට නොකෙරු අපේක්ෂකයින්ට නඩු..

මොවුන් ව්‍යාජ සහතික සකස් කිරීමට රුපියල් 3,000 සිට 50,000 දක්වා මුදල් ලබාගෙන තිබෙන බවද පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

You may like this video