කුඹල් පෙරහැර අතරතුර ඇතුන් දෙදෙනෙක් කුලප්පු වෙයි - හිස් ලූ ලූ අත දිවගිය පිරිසක් නුවර වැවට වැටෙයි..

Kandy Sri Lanka
By krishani Aug 22, 2023 05:44 PM GMT
krishani

krishani

Report

අද (22) මහනුවර ඇසල මහා පෙරහැරේ දෙවෙනි කුඹල් පෙරහැර පැවැත්වෙමින් පැවතේ.

එහිදී පෙරහැර අතරතුර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

ඒ එම පෙරහැර අතරතුර පෙරහැරේ ගමන් ගත් ඇතුන් දෙදෙනෙකු කුලප්පු වීම හේතුවෙන් ය.

එම අවස්ථාවේ දී පෙරහැර නැරඹීමට පැමිණි පිරිස් හිස් ලූ ලූ අත දිව ගොස් තිබෙනවා.

එහිදී නුවර වැව රවුමේ පෙරහර නරඹමින් සිටි පිරිසක් එම අවස්ථාවේ දී වැවට පැනීම හේතුවෙන් පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුන් බේරාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, පසුව කලබල වූ ඇතුන් දෙදෙනා ඉවත් කිරීමෙන් පසු පෙරහර අඛණ්ඩව වීදි සංචාරය කරවීමට කටයුතු කර ඇත.

ReeCha