ඉන්ධනත් නෑ. - GPS සහ ජංගම දුරකථනයත් අක්‍රිය වෙලා. - කාන්තාරයකදී අතරමං තරුණයින් දෙදෙනාගේ අවසානය.

By Wayomi Aug 25, 2024 10:45 AM GMT
Report

අරාබියේ Rub' al Khali කාන්තාරයේදී 27 හැවිරිදි ඉන්දීය තරුණයෙක් සහ තවත් පුද්ගලයෙක් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් ඇත්තේ, තෙලන්ගානා හි පදිංචිකරුවෙක් වන මොහොමඩ් ෂෙසාඩ් ඛාන් නම් මියගිය ඉන්දීය තරුණයා.

විජලනය සහ තෙහෙට්ටුව හේතුවෙන් මියගොස් ඇති අතර සෞදි අරාබියේ විදුලි සංදේශ සමාගමක වසර තුනක් තිස්සේ සේවය කරමින් සිට ඇති බව සඳහන්.

සියලු අපේක්‍ෂකයන්ගේ වත්කම් ලැයිස්තුව එක්වරම එළියට. - අයෙකුගේ ඔරලෝසුව ලක්‍ෂ 120යි.

සියලු අපේක්‍ෂකයන්ගේ වත්කම් ලැයිස්තුව එක්වරම එළියට. - අයෙකුගේ ඔරලෝසුව ලක්‍ෂ 120යි.


කිලෝමීටර් 650කට වඩා විහිදෙන Rub' al Khali, එහි දරුණු තත්වයන් සඳහා ප්‍රසිද්ධ අතර සෞදි අරාබියේ දකුණු ප්‍රදේශ හරහා සහ අසල්වැසි රටවලට විහිදෙනවා.

ෂෙසාඩ් සහ ඔහු සමඟ ගිය සුඩාන ජාතිකයා Rub' al Khali හි භයානකම කලාපයක් ලෙස සැලකෙන කොටසක අතරමංව සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ GPS සංඥාව ක්‍රියා විරහිත වී ඇති අතර ජංගම දුරකථනයද ක්‍රියා විරහිත වී ඇත.

අලුත්ම නීති සංශෝදනයක්. - රැකියා වෙලාවෙන් පසු බොස්ව ගණන් නොගන්න. - ඇමතුම්, SMS සහ GMAIL මඟ හරින්න.

අලුත්ම නීති සංශෝදනයක්. - රැකියා වෙලාවෙන් පසු බොස්ව ගණන් නොගන්න. - ඇමතුම්, SMS සහ GMAIL මඟ හරින්න.


ඔවුන්ගේ වාහනයේ ඉන්ධන අවසන් වූ නිසා, ඔවුන් කාන්තාරයේ දැවෙන රස්නයේ ආහාර හෝ ජලය නොමැතිව අතරමං වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

උෂ්ණාධික මට්ටම් දක්වා ඉහළ ගිය උෂ්ණත්වයේ දී ඔවුන් දෙදෙනා දිවි ගලවා ගැනීම සඳහා සටන් කළ නමුත් දැඩි විජලනය සහ තෙහෙට්ටුව හේතුවෙන් ඔවුන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.

රාජ්‍ය‍ සේවයේ වැටුප වැඩි කිරීමට අමතරව හිතාගන්නවත් බැරි විදිහට ලැබෙන්න යන දේවල් මෙන්න.

රාජ්‍ය‍ සේවයේ වැටුප වැඩි කිරීමට අමතරව හිතාගන්නවත් බැරි විදිහට ලැබෙන්න යන දේවල් මෙන්න.