සියලු අපේක්‍ෂකයන්ගේ වත්කම් ලැයිස්තුව එක්වරම එළියට. - අයෙකුගේ ඔරලෝසුව ලක්‍ෂ 120යි.

Anura Kumara Dissanayaka Ranil Wickremesinghe Sajith Premadasa Sri Lanka Politician Sri Lanka Presidential Election 2024
By Wayomi Aug 25, 2024 06:13 AM GMT
Wayomi

Wayomi

Report

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් සිය නාමයෝජනා පත්‍ර භාරදීමත් සමග සිය වත්කම් බැරකම් වාර්තාවක් ලබාදී තිබුනා.

එමෙන්ම එහි පිටපත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලබාදී ඇති අතර එම වාර්තාවල දූෂණ විරෝධි පනත යටතේ ප්‍රකාශවල හෙළි නොකළ යුතු බවට ද දක්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු සංස්කරණය කරන ලද පිටපත් ලෙස මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අලුත්ම නීති සංශෝදනයක්. - රැකියා වෙලාවෙන් පසු බොස්ව ගණන් නොගන්න. - ඇමතුම්, SMS සහ GMAIL මඟ හරින්න.

අලුත්ම නීති සංශෝදනයක්. - රැකියා වෙලාවෙන් පසු බොස්ව ගණන් නොගන්න. - ඇමතුම්, SMS සහ GMAIL මඟ හරින්න.


එහි තොරතුරු අනුව ප්‍රධාන අපේක්ෂකයන් කිහිපදෙනකුගේ වත්කම් බැරකම් සහ පෞද්ගලික තොරතුරු කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.

මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් එක්කෝටි හැත්තෑ එක්ලක්ෂයකට අධික පිරිසක් සිටිති. ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීමට අපේක්ෂකයෝ 39 දෙනෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටිති. ඉන් අපේක්ෂකයෝ 22ක් ලියාපදිංචි පක්ෂවලින්ද 17ක් ස්වාධීනව ද තරග කරනවා.

2001 පසුව ශ්‍රී ලංකා - නවසීලන්ත මැච් එක අතර මැද විශේෂ නිවාඩුවක් නිවේදනය කරයි.- ඒ ඇයි කියලා දන්නවද?

2001 පසුව ශ්‍රී ලංකා - නවසීලන්ත මැච් එක අතර මැද විශේෂ නිවාඩුවක් නිවේදනය කරයි.- ඒ ඇයි කියලා දන්නවද?


ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත්ව සිටින වැඩිම අපේක්ෂකයන් ගණන සිටින්නේ මෙවර ජනාධිපතිවරණය සඳහා වන අතර එක් අපේක්ෂකයකුට ජනාධිපතිවරණය සඳහා වියදම් කළ හැකි මුදල තීරණය කර ඇත්තේ ද මෙවර ජනාධිපතිවරණයේදීය.

වියදම් පාලනය

🟡ඒ අනුව එක් අපේක්ෂකයකු එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109කි. මෙම මුදලට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකුට සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස වැය කළ හැකි උපරිම සීමාව රුපියල් එකසිය අසූහය කෝටි අසූ දෙලක්ෂ අනූ අටදහස් පන්සිය අසූ හයකි. (රුපියල් 1,868,298,586) ඉන් සියයට 60%ක් හෙවත් රුපියල් එක්සිය දොළොස් කෝටි නව ලක්ෂ හැත්තෑ අට දහස් එකසිය පනස් එකයි ශත හැටක මුදලක් (රුපියල් 1,120,979,151.60) සිය ප්‍රචාරක වියදම් ලෙස වැය කළ හැකිය.

🟡ඉතිරි සියයට 40% හෙවත් රුපියල් හැත්තෑහතර කෝටි හැත්තෑ තුන්ලක්ෂ දහනව දහස් හාරසිය තිස්හතරයි ශත හතළිහක මුදල (රුපියල් 747,319,424.40) අපේක්ෂකයාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ වෙනත් දේශපාලන පක්ෂයක ලේකම්වරයාට හෝ අපේක්ෂකයකුට නාමයෝජනා කළ ඡන්ද හිමියාට වැය කළ හැකිය.

🟡එමෙන්ම මෙම මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතුය.

🟡ඒ, අනුව නියමිත දිනට අදාළ වාර්තාව භාර නොදීම හෝ දෝෂ සහිත වාර්තා සහිතවීම නීති විරෝධි ක්‍රියාවකි. එවැනි අපේක්ෂකයකුට රුපියල් ලක්ෂ 02ක දඩ මුදලක් නියම කිරීම, අපේක්ෂකත්වය අවලංගු කිරීම ද සිදුකළ හැකිය.

🟡මෙම තත්ත්වය මත මෙවර ඇතැම් අපේක්ෂකයන්ට තමුනට හිතූ හැටියට වියදම් කළ නොහැකි අතර වියදම් කිරීමට සැරසෙන අයට ද ඒ සඳහා අවසර දිය නොහැකිය. එබැවින් මෙවර ජනාධිපතිවරණයේදී කලු සල්ලි එළියට පැමිණීම සීමාවන බව මැතිවරණ නිරීක්ෂකයන් පවසනවා.

රනිල් වික්‍රමසිංහ

🟡ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින දැනට ජනාධිපති ධුරය දරන රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් අනුව මාසික වැටුප රුපියල් 97,500කි. පරිහරණය කරන වාහන තුනක් ඇත. VW TOWAREA ජිප් රථය සහ බෙන්ස් කාර් දෙකකි.

අවාසනාවන්ත ලෙස සතියක් තුළ දෙවන වරටත් සජිත් ප්‍රතික්ෂේප වෙයි.- මනුෂගේ එකට ගියාට කෝප වූ සජිත් කළ දේ.

අවාසනාවන්ත ලෙස සතියක් තුළ දෙවන වරටත් සජිත් ප්‍රතික්ෂේප වෙයි.- මනුෂගේ එකට ගියාට කෝප වූ සජිත් කළ දේ.


සජිත් ප්‍රේමදාස

🟡විපක්ෂ නායකවරයා සහ සමගි ජන බලවේගය පක්ෂ නායකයා ලෙස කටයුතු කරන ඔහු ඉදිරිපත් කර ඇති මාසික මුළු ආදායම රුපියල් 295,681.14කි.

🟡වාහන පහක් පරිහරණය කරයි. ඩබල් කැබ් මිට්ෂුබිෂි රථ දෙකක්, ටොයෝටා ප්‍රාඩෝ ජීප් රථයක්, ටොයොටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් සහ මර්සිඩිස් බෙන්ස් රථයක් පරිහරණය කරන බව සඳහන් කර ඇත.


අනුර කුමාර දිසානායක

🟡ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයාය. පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වේ. මාසික වැටුප රුපියල් 54,285කි. මාසික දීමනාවල එකතුව රුපියල් 202,517.34කි. බිරිඳගේ නම වනිගසේකරගේ මල්ලිකා රත්නායකය. ඇය රැකියාවක නිරත නොවේ. භාවිත කරන වාහනය ලෙස ටොයෝටා හයිලක්ස් ඩබල් කැබ් රථය සඳහන් කර ඇත.


නාමල් රාජපක්ෂ

🟡ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායකවරයාය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ නීතිඥවරයෙක් ලෙස කටයුතු කරයි. මාසික වැටුප රුපියල් 54,285කි. දීමනා ලෙස රුපියල් 400,000ක් හිමි වේ. භාවිත කරන වාහන ලෙස චේවා මෝටර් රථයක් සහ ටොයෝටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් සඳහන් කර ඇත.


සරත් ෆොන්සේකා

🟡පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. මාසික වැටුප රුපියල් 54,285කි. දීමනා ලෙස රුපියල් 263,500ක් හිමි වේ. භාවිත කරන වාහනය ටොයෝටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථයකි.


විජයදාස රාජපක්ෂ

🟡පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ ජනාධිපති නීතිඥවරයෙකි. ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් ජනාධිපතිවරණයට තරග කරයි. මන්ත්‍රී වැටුප් දීමනා ද සමග රුපියල් 2,80,000කි. ටොයෝටා වී 8 (V8) ජීප්රථයක් භාවිත කරයි. ලෝටස් හෝල්ඩින් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලෙස මාසික දීමනාව රුපියල් 1,345,000ක් හිමි වේ.


රොෂාන් රණසිංහ

🟡පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ ව්‍යාපාරිකයෙකි. මන්ත්‍රී වැටුප රුපියල් 65,00කි. දීමනා රුපියල් 340,00කි. ව්‍යාපාරික වැටුප රුපියල් 500,000කි. ජපානයෙන් ලැබෙන ව්‍යාපාරික වැටුප රුපියල් 3,000,000කී. ඔහු පළදින මැණික් සහ රත්‍රන්වලින් නිම වූ අත්ඔරලෝසුවේ වටිනාකම රුපියල් මිලියන 12කි. (රුපියල් එක්කෝටි විසි ලක්ෂයකි.) භාවිත කරන වාහනය මස්ටෑන්ග් මෝටර් රථයකි.

සියලු අපේක්‍ෂකයන්ගේ වත්කම් ලැයිස්තුව එක්වරම එළියට. - අයෙකුගේ ඔරලෝසුව ලක්‍ෂ 120යි. | List Assets Of Presidential Candidates Sri Lanka

නුවන් බෝපගේ

🟡සමාජවාදී මහජන පෙරමුණින් තරග කරයි. වෘත්තියෙන් නීතිඥවරයෙකි. මාසික වැටුප රුපියල් 300,00කි. බිරිඳ රුචිනි ද සිල්වාය. ඇය නේෂන් ට්‍රස්ට් බැංකුවේ සේවය කරයි. භාවිත කරන වානය ජපන් මෝටර් රථයකි.


දිලිත් ජයවීර

🟡ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් තරග කරයි. බිරිඳ නෙ`ඵම් ක්‍රිෂාන්ති ජයවීරය. දිලිත් ජයවීරගේ මාසික දීමනා ලෙස රුපියල් 16,500,000ක් සඳහන් කර ඇත.

🟡වන්ගෝල්ෆේස්හි නිවසක්ද පැඟිරිවත්ත සහ නීලම්මහර පාරේ නිවසක් බැගින් තිබේ. භාවිත කරන වාහනය සඳහන් කර නැත.


ජනක රත්නායක

🟡මාසික වැටුප ලෙස රුපියල් 250,000ක් ද දීමනා ලෙස රුපියල් 100,000ක් ද සඳහන් කර ඇත. භාවිත කරන වාහන ලෙස පෝර්ච් ජීප් රථයක් සහ බෙන්ස් මෝටර් රථයක් දකවා තිබේ.


සිරිතුංග ජයසූරිය

🟡එක්සත් සමාජවාදී පකෂයේ ප්‍රධාන ලේකම්වරයාය. ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ සඳහා මෙවර මැතිවරණයද සමග පස්වරක් ඉදිරිපත්ව ඇත. ඒ අනුව වැඩිම වාර ගනණක් ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයා බවට ද පත්ව සිටී.

🟡ඔහුගේ මාසික වැටුප රුපියල් 50,000කි. ගෙවල් කුලී ලෙස රුපියල 30,000ක ආදායමක් ලැබේ. බිරිඳ සිරිමා ජයසූරියය. රැකියාවක් නැත. භාවිතය සඳහා තමා සතු වාහනයක් නැති බව ද සඳහන් කර ඇත.


අක්මීමන දයාරතන හිමි

🟡විශ්‍රාම වැටුප ලෙස රුපියල් 57,000ක් ලැබේ. දේපොළ ලෙස ගාල්ල අක්මීමන මුඩු ඉඩමක් බුලත්සිංහල තේ වගාව සඳහා ඉඩමක් සහ දෙහිවල මහ කොස්වත්ත මුඩු ඉඩමක් මිලදී ගෙන ඇත.

🟡භාවිත කරන වාහනය ලෙස ටොයෝටා මෝටර් රථයක් සඳහන් කර ඇත.


ඕෂල හේරත්

🟡අභිනව නිවහල් පෙරමුණ සභාපතිවරයාය. මාසික දීමනාව රුපියල් 100,000කී. බිරිඳ නිසංසලා වික්‍රමසිංහ හේරත්ය. භාවිත කරන වාහනය නිශාන් ලීෆ් මෝටර් රථයකි.


අජන්ත ද සොයියා

🟡මොනාරෝ පෞද්ගලික ආරක්ෂක සමාගමේ අධ්‍යක්ෂවරයෙකි. මාසික වැටුප රුපියල් 200,000කි. දීමනා රුපියල් 100,000කි.

🟡භාවිතා කරන වාහන ලෙස ටොයෝටා ලෑන්ඩ් කෲසර් ජීප් රථයක්, ටොයොටා මොන්ටෙරෝ ජීප් රථයක් සහ මර්සිඩීස් බෙන්ස් මෝටර් රථයක් දක්වා ඇත.

🟡සෙසු අපේක්ෂකයන්ද සිය වත්කම් බැරකම් ප්‍රකාශයට පත්කර ඇත. මෙහිදී අප සඳහන් කර ඇත්තේ වඩාත් අවධානයට යොමුව සිටින අපේක්ෂකයන්ගේ තොරතුරු පමණි.