ජනපති නිසා ලෝකයම පිළිගත් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක ලොක්කො දෙන්නෙක් ඉල්ලා අස්වෙයි

Report

ලොව පිළිගත් මාධ්‍ය ආයතනයක් වන බීබීසී මාධ්‍ය ආයතනය අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේව් සහ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කරන ඩෙබොරා ටර්නස් යන අය ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වේ.

ඒ ඇමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ වාර්තා චිත්‍රපටයක් සංස්කරණය කිරීමේදී නරඹන්නන් නොමග යවන ආකාරයට එය සංස්කරණය කළා යැයි චෝදනාව හේතුවෙන්.

ඒ අනුව 2021 වසරේ ජනවාරි මස 6 වනදා විරෝධතාකරුවන් වොෂින්ටනයේ කැපිටල් ගොඩනැගිල්ලට පහර දීමට පෙර ට්‍රම්ප් කළ කථාවක් සංස්කරණය කිරීම සම්බන්ධයෙන් මොවුන්ට විවේචන එල්ල වනවා.

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

විදෙස් විචාරකයන් පැවසුවේ පසුගිය වසරේ බීබීසී වාර්තා වැඩසටහනක් සඳහා කථාව සංස්කරණය කළ ආකාරය වැරදි මඟ පෙන්වීමක් වන අතර, එහිදී ට්‍රම්ප්, තමන්ට අවශ්‍ය වන්නේ ආධාරකරුවන් සාමකාමීව විරෝධතා පවත්වනවා දැකීමට බව පැවසූ කොටසක් කපා හැර ඇති බවයි.

ආණ්ඩුවේ බලය ගත් මාලිමාවට අති දැවැන්ත පරාජයක් - මෙන්න විස්තරය

ආණ්ඩුවේ බලය ගත් මාලිමාවට අති දැවැන්ත පරාජයක් - මෙන්න විස්තරය

බීබීසී ආයතනය වෙත ලිපියක් යොමුකරමින් ටිම් ඩේවි පවසා ඇත්තේ වසර පහකට පසු රැකියාවෙන් ඉවත් වීම සම්පූර්ණයෙන්ම සිය පෞද්ගලික තීරණයක් බවයි ට්‍රම්ප්ගේ වාර්තා චිත්‍රපටය පිළිබඳ මතභේදය තමන් ආදරය කරන ආයතනයක් වන බීබීසීයට හානියක් සිදුකරන අවධියකට පැමිණ ඇති බවත්, එහි ප්‍රවෘත්ති සහ වත්මන් කටයුතු පිළිබඳ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස, සියලු‍ම වගකීම් තමන් මත පැටවෙන බවත් ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබොරා ටර්නස් සිය ඉල්ලා අස්වීම මගින් දන්වා තිබෙනවා.

අද රන් මිල ඇහුවොත් පිස්සු හැදෙයි - නවතම මිල ගණන් මෙන්න

අද රන් මිල ඇහුවොත් පිස්සු හැදෙයි - නවතම මිල ගණන් මෙන්න