වෙඩි තැබීම් සිද්ධි දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
වෙඩි තැබීමේ සිද්ධි දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
පසුගිය 24 වැනිදා බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (10) අදෑසන අත්තිඩිය ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ කණ්ඩායමක් විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු වෙඩි තැබීමට පැමිණි ත්‍රිරෝද රථයේ රියදුරු බව පොලීසිය සඳහන් කරයි. ඔහු වයස අවුරුදු 22ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.
එසේම, පසුගිය 22 වැනිදා බොරැල්ල, සීවලීපුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට අධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ දහවල් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ගේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන රාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු ඊයේ රාගම, ලින්ටන් ක්‍රිඩාංගණය අසලදී පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ගේ කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. මෙම සැකකරු වයස අවුරුදු 17ක් වන අරමංගොඩ, බුත්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බව දැනට සිදු කරන ලද විමර්ශනවලදී හඳුනාගෙන ඇත. රාගම පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.