ලිස්සන නිසා බණ්ඩක්කා කන්නේ නැත්ද? මේක බලන්නකෝ කන්නයි බොන්නයි දෙකම හිතෙයි

Report

එළවළු අතර ලංකාවේ ගොඩක් අය නොකන දෙයක් තමයි බණ්ඩක්කා කියන්නේ.

බණ්ඩාක්කා කියපු ගමන් අප්පෝ කියන්න තව හේතුවක් තියෙනවා.

ඒ තමයි බණ්ඩක්කා පිසින විට එහි ඇති සෙවල ගතිය නැතහොත් ලිස්සන සුළු ගතිය.

කොහොම වුණත් ගොඩක් අය පහසුවෙන් ප්‍රතික්ෂේප කරන බණ්ඩක්කා කියන්නේ සෞඛ්‍යය ප්‍රතිලාභ රැසක් ඇති කරන එළවළුවක් කියලා නම් බොහෝ දෙනා දන්නෙ නැතුව ඇති.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බණ්ඩක්කාවල මූලික වශයෙන් ම විටමින් A, B, C, E සහ පොටෑසියම්,කැල්සියම්, මැග්නීසියම්, යකඩ සහ සින්ක් වැනි ඛනිජත් අන්තර්ගත වෙනවා.

ඒ හැරුනම බණ්ඩක්කාවලින් අප ශරීරයට කෙරෙන කාර්යයන් රැසක් තිබෙනවා.

ඒ අතර,

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි

බණ්ඩක්කා කියන්නේ ප්‍රතිඔක්සිකාරකවලින් සහ විටමින් C වලින් පොහොසත් එළවළුවක්. මේ නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම මෙමඟින් සිදු වෙනවා. ඒ වගේම බාහිරෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනාශ කිරීමට ශරීරයට ඇතුළුවන අහිතකර සංඝටක සමඟ සටන් වැදීමට සුදු රුධිර සෛල නිෂ්පාදනය කිරීමත් සිදු කරනවා.

ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් කරයි

ආහාර වේලට බණ්ඩක්කා එකතු කර ගැනීමෙන් ශරීරයට වැඩි තන්තු ප්‍රමාණයක් එක්කර ගන්න පුළුවන්. බණ්ඩක්කාවල තන්තු මගින් ආහාර ජීර්ණ පද්ධතිය ඔස්සේ ආහාර ක්‍රමවත්ව ගමන් කරවීම සිදු වෙනවා. ඒ වගේම මලපහ පිටවීමද ක්‍රමවත් කර උදරය පිපීම, උදර මාංශ පේශී පෙරලීම, මලබද්ධය සහ උදරයේ ගෑස් ඇතිවීමේ වැනි උදරාශ්‍රිත ආබාධ ද රැසකින් අපව ආරක්‍ෂා කර පාචනයෙන් සහ අධික කොලෙස්ටරෝල් මට්ටමෙන් පවා අපව ආරක්‍ෂා කරන්න බණ්ඩක්කාවලට පුළුවන්.

විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

පෙනීම වර්ධනය කරයි

බණ්ඩක්කාවල තිබෙන විටමින් A සහ “lutein”, “xanthene” සහ “beta carotenes” වැනි ප්‍රතිඔක්සිකාරක සංඝටක පෙනීමට බාධා ඇති වන ආකාරයෙන් ශරීරයේ සෛලවලට හානි කරන ව්‍යාදිජනකයින් අඩපණ කිරීම සිදු කරනවා. ඒ වගේම දිනපතා බණ්ඩක්කා ආහාරයට ගැනීමෙන් “cataracts” සහ නාභිගත ගැටළු ඇතිවීම ද වළක්වා ගත හැකි වේ.

රුධිර පීඩනය නියාමනය සහ හදවත් සෞඛ්‍යය රැක ගනියි

බණ්ඩක්කාවල තිබෙන විටමින් සහ ඛනිජ මෙන්ම අධික පොටෑසියම් නිසාත් හදවත් සෞඛ්‍යය නිසි ආකාරයට ආරක්‍ෂා වේ. ඒ වගේම පොටෑසියම් මගින් ශරීරයේ සෝඩියම් ප්‍රමාණය සහ තරලයන් නිසි ලෙස සමබර කර ශරීරයේ රුධිර නාලිකා සහ ධමනි ලිහිල් කර රුධිර පීඩනය පාලනය කර හදවත් සෞඛ්‍යය වර්ධනය කිරීමත් සිදු වෙනවා.

සම සෞඛ්‍යය සම්පන්න කරයි

බණ්ඩක්කා ආහාරයට ගැනීමෙන් එහි ඇති ප්‍රභල ප්‍රතිඔක්සිකාරක බලය නිසා සමේ ඇතිවන තුවාල සුවපත්වීමේ වේගය වැඩිවීම සහ සම සෞඛ්‍යය සම්පන්න වීම සිදු වේ. එසේම සමේ කැළැල් මැකීම, කුරුලෑ සහ සම රැළි වැටීම පවා වළක්වයි.

රටේම පාසල්වලට විශේෂ නිවේදනයක් - මේ ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම චක්‍රලේඛය නිකුත් වෙයි

රටේම පාසල්වලට විශේෂ නිවේදනයක් - මේ ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම චක්‍රලේඛය නිකුත් වෙයි

දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ ම බෙහෙතක්

දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ ම බෙහෙතක් ලෙස බණ්ඩක්කා ඉන්දියානුවන් විසින් සලකනු ලබයි. ඔවුන් රුධිරගත සීනි මට්ටම පහළ දැමීමට උදැසන බණ්ඩක්කා දැමු වතුර පානය කිරීම සිදු කරයි. රාත්‍රී කාලයේදී බණ්ඩක්කා කරල් දෙකක් පමණ ගෙන එය කපා වතුර වීදුරුවක දමා එලි වනතුරු තබන්න. පසුව උදෑසන බණ්ඩක්කා ආහාරයට ගෙන වතුර මිශ්‍රණය පානය කිරීමෙන් මෙම සුව ප්‍රතිලාභ සියල්ල ලැබෙන බව පවසයි.

එහෙනම් වෙනදා එළවළු ගද්දි නිකමටවත් පැත්ත බලන් නැති බණ්ඩක්කා අද ඉඳන්වත් කන්න පටන් ගන්න.

මොකද බණ්ඩක්කවලට පුළුවන් ඔයාගේ ඇගේ තියෙන ලෙඩ ගොඩක් ඔයාගේ ඇගෙන් ලිස්සලා යවන්න.

මහින්ද රාජපක්ෂ හෙට කාල්ටන් නිවසට?

මහින්ද රාජපක්ෂ හෙට කාල්ටන් නිවසට?

GalleryGalleryGalleryGalleryGalleryGallery