ට්‍රම්ප්ගේ තරුණ දේශපාලන යෝධයා වූ චාලි වෙඩි ප්‍රහාරයකින් මරුට
අමෙරිකා එක්සත් ජනපදයේ කන්සර්වේටිව් පක්ෂයේ බලවත් දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කර ඇති බව එරට විදෙස් මාධ්‍යවල වාර්තා වේ.
මෙම වෙඩි තැබීම යුටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පැවති උත්සවයක් අතරතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රමුඛව කටයුතු කළ තරුණ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන චාලි කර්ක්, එරට විශ්වවිද්‍යාලවල එළිමහන් විවාද පැවැත්වීම තුළින් විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගෙන තිබුණි.
31 හැවිරිදි චාලි කර්ක්ගේ ඝාතනය පිළිබඳ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ශෝකය පළ කර ඇති අතර, ලබන ඉරිදා සවස 6.00 වන තෙක් එක්සත් ජනපදයේ ධජ අඩකුඹු කිරීමට නියෝග කර ඇති බව ද වාර්තා වේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු හෙළිදරව් වී නොමැති අතර, අමෙරිකානු බුද්ධි අංශ විසින් ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

රනිල්ව මරා ගත්තා නම් අපි සතුටු වෙනවා දැන් කුඩු නාමල්ලු, නාමල්වත් අත්අඩංගුවට ගන්නවා නම් හොඳයි අර්ච්චුනා පාර්ලිමේන්තුව දෙවනක් කරයි