පොදු මගී ප්‍රවාහන රියදුරන්ට විශේෂ පුහුණුවක් - ඇමැති බිමල්
සියලුම පොදු මගී ප්‍රවාහන රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයෙන් 'විශේෂ පොදු මගී ප්‍රවාහන පුහුණුව' ලබා ගැනීම අනිවාර්ය බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා පවසයි.
බත්තරමුල්ල, මහාමාර්ග අමාත්‍යාංශයේ ඊයේ (10) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ලබාදෙන මෙම පුහුණුව රියදුරන් 25,000කට ලබාදී ඇතත්, එම පුහුණු බලපත්‍රය ලබාගෙන ඇත්තේ රියදුරන් 6,029ක් පමණක් බව ඇමැතිවරයා පැවසීය. 2024 වසරේදී රියදුරන් 2,155 දෙනකුත්, 2025 වසරේදී රියදුරන් 522 දෙනකුත් මෙම පුහුණුව හදාරා ඇති බව ඔහු සඳහන් කළේය.
පොදු මගී ප්‍රවාහනයේ නිරත රියදුරන්, පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථ සහ බස් රථ රියදුරන් අනිවාර්යයෙන් මෙම පුහුණුව හදාරා බලපත්‍රය ලබාගත යුතු බව ඇමැතිවරයා අවධාරණය කළේය.
දින තුනක කාලයක් ලබාදෙන මෙම පුහුණුව ඉදිරියේදී තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.