ලොතරැයි ප්‍රින්ට් කරන්න පෞද්ගලික සමාගම් හතරකට ටෙන්ඩර් දෙයි
ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයිපත් මුද්‍රණය සඳහා පෞද්ගලික ලංසුකරුවන් හතරදෙනෙකුට ටෙන්ඩර් ලබාදී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයාට අනුව, Toppan Forms (Colombo) Ltd, DPJ Holdings (Pvt) Ltd, Grand Export (Pvt) Ltd, සහ Digiscan Secure Print Solutions (Pvt) Ltd යන සමාගම් එම ටෙන්ඩර් හිමිකරගෙන ඇත.
ලග්න වාසනා, කප්රුක, අද කෝටිපති, සුපර් බෝල්, ශනිදා, සුපිරි ධන සම්පත, සසිරි, ජය සම්පත යන ලොතරැයිවලට අදාළ ලොතරැයිපත් සැලසුම් කිරීම, සංවර්ධනය, මුද්‍රණය සහ සැපයීම සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ටෙන්ඩර් කැඳවා ඇති බව ඔහු සඳහන් කළේය.
මේ සඳහා ලංසු 7ක් ලැබී ඇති අතර, වසරක කාලයකට ටෙන්ඩරය ලබාදී ඇති බව අමාත්‍යවරයා ජනමාධ්‍ය වෙත පැවසීය.