ලෝකයම බලාගෙන හිටිය 20-20 හෙට තරගයන් මෙන්න.. ඉන්දියාවට නොහිතපු අවස්ථාවක්?. (VIDEO)

Report

හෙට (27) දිනයේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වීමට නියමිතයි.

ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගයි.

ලෝකයම බලාගෙන හිටිය 20-20 හෙට තරගයන් මෙන්න.. ඉන්දියාවට නොහිතපු අවස්ථාවක්?. (VIDEO) | Twenty20 World Cup First Semi Final 27Th June 2024

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (27) පෙරවරු 6.00ට ආරම්භ වීමට නියමිතව ඇත.

කෙසේ වෙතත්, තරගය ට්‍රිනිඩෑඩ් හි බ්‍රයන් ලාරා ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, හෙට විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය සඳහා ඉන්දීය - එංගලන්ත කණ්ඩායම් ද හෙට තරඟ වැදීමට නියමිතයි.

ඒ ගයානා ක්‍රීඩාංගනයේ දී ය.

මෙම තරගය අතරතුර වර්ෂාපතනයට වැඩි ඉඩක් පවතින බැවින් තරගය පැවැත්වෙනු ඇත්දැයි සැක මතුව තිබෙනවා.

මේ අනුව තරගය අතහැර දැමුවහොත් ඉන්දීය කණ්ඩායම සෘජුවම අවසන් මහා තරගයට පිවිසෙනු ඇත.

ලෝකයම බලාගෙන හිටිය 20-20 හෙට තරගයන් මෙන්න.. ඉන්දියාවට නොහිතපු අවස්ථාවක්?. (VIDEO) | Twenty20 World Cup First Semi Final 27Th June 2024

කෙසේ වෙතත්, පළමු අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය ද, දෙවන අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාව සහ එංගලන්තය අතර ද හෙට තරගය පැවැත් වේ.

ඉන්දීය කණ්ඩායම මේ වන විට තරඟ 3කට ක්‍රීඩා කර ඇති අතර එම තරග 3ම ජය ගත්තේ ය.

එංගලන්ත කණ්ඩායම ගැන සඳහන් කළහොත් ඔවුන් තරග 3න් 2ක් ජයගෙන එක් තරගයක් පරාජය වී තිබෙනවා.

මෙම තරගය පැවැත්වෙනු ඇත්දැයි ක්‍රීඩා ලෝලීන් අතර සැකයක් මතුව ඇති අතර ඒ ගයානා හී කාලගුණික තත්ත්වය අනුව තරගය පැවැත්වෙනවා ද යන්නයි.

ලෝකයම බලාගෙන හිටිය 20-20 හෙට තරගයන් මෙන්න.. ඉන්දියාවට නොහිතපු අවස්ථාවක්?. (VIDEO) | Twenty20 World Cup First Semi Final 27Th June 2024

ගයානාවට අද වැසි ඇති වීමට සියයට 90ක සම්භාවිතාවක් පවතින අතර හෙට උදෑසන එහි සියයට 60ක සම්භාවිතාවක් පවතී.

ඊට අමතරව අද දිනයේ අධික වර්ෂාවක් ඇති වුවහොත් සැලසුම් කළ පරිදි නියමිත වේලාවට තරගය ආරම්භ කිරීම සැක සහිත බව ද දැනගන්නට ලැබිණ.

කෙසේ වෙතත්, එහි කාලගුණය යහපත් අතට හැරෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වේ.

ලෝකයම බලාගෙන හිටිය 20-20 හෙට තරගයන් මෙන්න.. ඉන්දියාවට නොහිතපු අවස්ථාවක්?. (VIDEO) | Twenty20 World Cup First Semi Final 27Th June 2024

ඇතැම් විට වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමුවහොත් ඉන්දීය කණ්ඩායම සෘජුවම අවසන් මහා තරගයට පිවිසෙනු ඇති බවට අනාවරණ වී ඇත.

කෙසේ වෙතත්, ඉන්දීය කණ්ඩායමට මෙම වාසිය හිමිව ඇත්තේ ඔවුන් සුපිරි 8 වටයේ පෙරමුණ ගැනීම හේතුවෙන් ය.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.