මෙවර ගුරු මනාපය ඇත්තටම හම්බුනේ කාටද කියලා දන්නවද? - මෙන්න ඔවුන්ගේ තීරණය.

Ranil Wickremesinghe Teachers
By Wayomi Sep 17, 2024 04:22 PM GMT
Wayomi

Wayomi

Report

ඇත්ත කථා කිරීමට දේශපාලනඥයන් සූදානම් නොවීම සහ ජනතාවට ලබාදෙන පොරොන්දු ඉටුකිරීම සඳහා විශාල ලෙස ණය ලබා ගැනීම හේතුවෙන් මෙරට ආර්ථිකය මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

වෙනසක් අවශ්‍ය බව කියන නායකයන් අද ගමන් කරන්නේද එම මාර්ගයේම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තවදුරටත් රටේ ආර්ථිකය සමඟ සෙල්ලම් කිරීමට කිසිවෙකුට අවස්ථාවක් නැති බවද සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ උපකාරක පන්ති ගුරුවරුන් සමඟ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පසුගියදා පැවති හමුව අමතමින්.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.


මෙම හමුව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ දූෂිත දේශපාලනඥයන් මෙන්ම වගකීමෙන් පැන යන දේශපාලනඥයන්ද ජනතාව පාර්ලිමේන්තුවට තෝරාපත් කර නොගත යුතු බවයි.

එමෙන්ම රට අසීරුතාවට පත්වූ අවස්ථාවේ ආර්ථිකය ගොඩගැනීමට එක් වන ලෙස තමා අනෙකුත් දේශපාලන නායකයන්ටද ආරාධනා කළ නමුත් ඔවුන් වගකීමෙන් පැන ගිය බව ජනාධිපතිවරයා පැවසුවා.

උපකාරක පන්ති ගුරුවරුන් ද මෙහිදී අදහස් දැක්වු අතර ඔවුන් කියා සිටියේ මෙතෙක් කාලයක් තමන් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඡන්දය භාවිත නොකළද රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ රට ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙළ නිසා එතුමා වටා ජන මතය පෙළගැස්වීමට එක් වූ බවයි.

ඈ! අහන්න වටින කතාවක්. - "රනිල් යටතේ ආර්ථිකය වර්ධනය වෙලා. රාජ්‍ය ආදායම වැඩිවෙලා. අපි එය පිලිගත යුතුයි."- අනුර - (VIDEO)

ඈ! අහන්න වටින කතාවක්. - "රනිල් යටතේ ආර්ථිකය වර්ධනය වෙලා. රාජ්‍ය ආදායම වැඩිවෙලා. අපි එය පිලිගත යුතුයි."- අනුර - (VIDEO)


පක්ෂ, පාට බේදයකින් තොරව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට එක්වීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ වගකීම බවද පෙන්වා දුන් උපකාරක පංති ගුරුවරුන් මෙම අවස්ථාවේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා හැක්කේ දේශපාලනය තුළ දැනුම් සම්භාරයක් ඇති පරිපූර්ණ නායකයෙක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක් බවද පෙන්වා දුන්නා.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවතට. - මෙන්න ගත් විශේෂ තීරණය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවතට. - මෙන්න ගත් විශේෂ තීරණය.

සජිත්ට සහය පල කරන්න ආ තවත් පක්ෂයක ප්‍රධාන සංවිධායකයෙක් ඝාතනය කෙරේ.

සජිත්ට සහය පල කරන්න ආ තවත් පක්ෂයක ප්‍රධාන සංවිධායකයෙක් ඝාතනය කෙරේ.

කවුරු ජනාධිපති වුණත් මාස හයකින් ආයේ රනිල් එනවා.

කවුරු ජනාධිපති වුණත් මාස හයකින් ආයේ රනිල් එනවා.

මැතිවරණ ජරමර අස්සේ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස්. - ඒත් උසාවි ගේන්න බැරිවෙලා.

මැතිවරණ ජරමර අස්සේ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස්. - ඒත් උසාවි ගේන්න බැරිවෙලා.