ඉන්දියානු ඉතිහාසය අලුතින් ලියන දීපිකා පදුකෝන්
ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන දීපිකා පදුකෝන් ඉන්දීය ඉතිහාසය අලුත් කරමින් ප්‍රකට හොලිවුඩ් වොක් ඔෆ් ෆේම් (Hollywood Walk of Fame) හි තාරකාවක් සම්මානිත වන ප්‍රථම ඉන්දීය රංගන ශිල්පිනි වීමේ භාග්‍යයය උදා කරගෙන තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙය නිල වශයෙන් 2026 වසරේදී ප්‍රධානයට පත් කරන අතර මෙම ගෞරවය ඇගේ වෘත්තීය ජීවිතයේ පමණක් නොව ගෝලීය වශයෙන් ඉන්දියානු සිනමාවට ද වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් වන බවයි.
හොලිවුඩ් වාණිජ මණ්ඩලය (Hollywood Chamber of Commerce) විසින් පසුගියදා පැවති 2026 වසරේ Walk of Fame සම්මාන ලැයිස්තුව හෙළිදරව් කරන අවස්ථාවේදී, දීපිකා පදුකෝන්ගේ නම “Motion Pictures” (චිත්‍රපට) කාණ්ඩය යටතේ නිකුත් කර තිබෙනවා.
ඇයත් සමග Emily Blunt, Rachel McAdams, Demi Moore, Rami Malek, Timothée Chalamet සහ Stanley Tucci යන හොලිවුඩ් නළු නිලියන්ගේ නම්ද මේ ලැයිස්තුවට ඇතුලත් වී තිබෙනවා.
2007 වසරේ 'ඕම් ශාන්තී ඕම්' චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ඇය ' යේ ජවානී හේ දිවානී, චෙන්නයි එක්ස්ප්‍රස්, රාම්-ලීලා, පද්මාවත්, පතාන් ' වැනි දැවැන්ත සිනාමාපට හරහා රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ අතර ඇය 2017 වසරේදී හොලිවුඩ් සිනාමාවට xXx: Retu of Xander Cage චිත්‍රපටය හරහා පිවිසුණා.
