මාස 6ට සුරාබදු ආදායමත් ඉහළට

Ministry of Finance Sri Lanka Excise Department of Sri Lanka Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 04, 2025 04:39 PM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූනි 30 දක්වා රුපියල් බිලියන 120.5ක ආදායමක් රජයට උපයා දී ඇත.

එම දෙපාර්තමේන්තුව එය මුදල් අමාත්‍යාංශය විසින් ලබා දී ඇති ඉලක්කය 102.6%ක් ඉක්ම වූ ප්‍රගතියක් බව නිවේදනයක් නිකුත් කරමින් දක්වා තිබෙනවා.

පාසල් 185 ක් අවදානම් තත්ත්වෙක

පාසල් 185 ක් අවදානම් තත්ත්වෙක

එම නිවේදනය මඟින් දැක්වෙන්නේ 2022 වර්ෂයේ රුපියල් බිලියන170.3ක් ද, 2023 වර්ෂයේ රුපියල් බිලියන 178.6ක් ද, 2024 වර්ෂයේ රුපියල් බිලියන 226.7ක් ද රජයට අයකර දීමට සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියාකර ඇති බවයි.

සෑම රජයක්ම මද්‍යසාර හා දුම්කොළ මත බදු පැනවීම සිදු කරනු ලබන්නේ හුදෙක් ආදායම වැඩි කරගැනීම සඳහා පමණක් නොවන අතර එකී නිෂ්පාදනයන් පරිභෝජනය කිරීම පාලනයට සහ එම නිෂ්පාදනයන්ට ඇති ඉල්ලුම අවම කරගැනිම තුළින් සමාජමය හා සෞඛ්‍යමය හානි අවම කිරීම ද අරමුණු කොටගෙන බව ද එම නිවේදනය මඟින් පෙන්වාදී තිබේ. 

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්


ReeCha