උපකාරක පංති ගුරුවරයෙක් විදිහට ඇවිත් කරලා තියෙන දේ - අත්අඩංගුවට
දරුවන්ට උපකාරක පංති පැවැත්වීමට පැමිණ මසකින් ආපසු ගෙනැවිත් දෙන බවට පොරොන්දු වී කාන්තාවන් දෙදෙනෙකු සතු රුපියල් ලක්ෂ 59 ක් වටිනා ස්වර්ණාභරණ රැගෙන ගොස් ආපසු ලබා නොදී වංචා කළ බව කියන ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශණ ඒකකය වාර්තා කරයි.
ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු අළුත්ගම, ගනේගම පදිංචි 31 හැවිරිදි අයෙක් බව සඳහන්.
ඒ අනුව අළුත්ගම, කළුවාමෝදර පදිංචි 36 හැවිරිදි පැමිණිලිකාරිය තම සොහොයුරාගේ දරුවාට උපකාරක පංති පැවැත්වීමට පැමිණි මොහු මුදල් හදිසියකට යනුවෙන් පවසා ඉකුත් 2025 මාර්තු මාසයේදී තමන් සතුව තිබූ පවුම් 12 1/2ක් බරැති රුපියල් ලක්ෂ 41ක් පමණ වටිනා ස්වර්ණාභරණ ගෙන ගොස් ආපසු ලබා නොදුන් බව පොලිසියට කියා ඇත.
එසේම අනෙක් පැමිණිලිකාරිය වන්නේ අළුත්ගම, කළුවාමෝදර පදිංචි 38 හැවිරිදි කාන්තාවක්. ඇය තම පැමිණිල්ලෙන් පොලිසියට ඉදිරිපත් කර ඇත්තේ තම සහෝදරයාගේ දරුවාට පංති පැවැත්වීමට ආ මොහු පසුගිය 2024 නොවැම්බර් මාසයේදී ආපසු මසකින් ගෙනැවිත් දෙන බවට පොරොන්දුවී තමා සතුව තිබූ පවුම් 6 1/2 ක් බරැති රුපියල් ලක්ෂ 19 ක් වටිනා ස්වර්ණාභරණ ගෙන ගොස් ආපසු ගෙනැවිත් නොදුන් බවටයි.
ඒ අනුව අඳාළ සැකකරු අද (12) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව වාර්තා විය.