නැවතත් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් - ලබන සතිය වෙනකල්
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතිය මේ වන විටත් යථා තත්ත්වයට පත් කර නොමැති බවට එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
ඒ අනුව එහි මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා ප්‍රකාශ කළේ, එය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි.
එසේම ඔහු වැඩිදුරටත් පැවසුවේ, කාර්යාල නිලධාරීන් සහ විශේෂ තාක්ෂණික කමිටුවක් එක්ව දත්ත පද්ධතිය යථාවත් කිරීම සඳහා කඩිනම් පියවර ගනිමින් සිටින බවයි.
එමෙන්ම අද දිනය තුළ පද්ධතිය යථා තත්ත්වයට පත් කළහොත්, ඒ මොහොතේ සිටම ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීමේ කටයුතු යළි ආරම්භ කළ හැකි බවද ඔහු පැවසුවා.
තවද තාක්ෂණික දෝෂය සියලුම ප්‍රධාන සහ ශාඛා කාර්යාලවලට බලපා ඇති බවද ඔහු සඳහන් කළා. ඒ හේතුවෙන් ඉතා හදිසි නොවන අවස්ථාවලදී ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීම ලබන සතිය දක්වා කල්දැමීමට මහජනතාවෙන් ඉල්ලා සිටින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම දෙපාර්තමේන්තුවේ 1962 දුරකථන අංකය හරහා හෝ නිල වෙබ් අඩවිය ඔස්සේ නිරන්තරයෙන් යාවත්කාලීන තොරතුරු ලබාගත හැකි බවද ඔහු අවධාරණය කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහේෂ් කරුණාදාස මහතා,
"ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අද දවසේදී දත්ත පද්ධතිය තුළ සිදුව හදිසි තාක්ෂණික දෝෂයක් නිසා අපිට එක්දින සහ සාමන්‍ය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. මෙම තත්ත්වය මේ අවස්ථාව වනවිටත් කාර්යාලයේ නිලධාරී මණ්ඩලය මෙන්ම අවශ්‍ය තාක්ෂණික කමිටුවක් විසින් මේක යථාවත් කිරීමට කටයුතු කරනවා. අද දවස තුළදී මේක යථාවත් බවට පත්කළ හොත් අපිට පුළුවන් ඒ මොහොතේ පටන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා වීසා නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරන්න. අපට ඉතා හදිසි නොවන අවස්ථාවකදී ගමන් බලපත්‍ර ලබාගැනීමට මහජනතාව පෙළඹෙන්නේ නම් ලබන සතියේ සිට මෙම කාර්යාලයට හෝ අපගේ ශාඛා කාර්යාල වෙත ගමන් කරන ලෙසට මහජනතාව දැන්වත් කරන්නේ." "අපගේ 1962 දුරකථන අංකය වෙබ් පිටුවට ඔබගේ අවධානය යොමුකරලා පැමිණීමේ හැකියාව තියෙනවා. අපගේ වෙබ් පිටුව තුළ නිරන්තරයෙන් අපි මේ පිළිඳව යාවත්කාලීන කරනවා. ඔබට හැකියාව තියෙනවා අපේ දත්ත පද්ධතිය යාවත්කාලීන වුණ වහාම මෙම කාර්යාලයට පැමිණෙන්න. එසේ නොපැමිණෙන්නේ නම් 1962 දුරකථන අංකය මගින් විමසලා මහජනතාවට ඕනෑම අවස්ථාවදී කාර්යාලයට පැමිණෙන්න. එහෙම නොවන අවස්ථාවකදී ලබන සතියේදී ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛා කාර්යාලයකට පැමිණෙන්න. දත්ත පද්ධතියේ තාක්ෂණික දෝෂය සියලුම ශාඛාවලට බලපානවා."