ගෙවුණු පැය 24 තුළ මිලිමීටර් 75ත් 100ත් අතර වර්ෂාපතනයක් - තාමත් යටවීමේ අවදානමක් - මේ ප්‍රදේශවලට රතු එළි
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නිල්වලා සහ ගිං ගංගාවල ඇතැම් ප්‍රදේශවල පවතින සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව සඳහන් කර ඇත.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ඉකුත් දිනවලට සාපේක්ෂව වර්ෂාපතනයේ යම් අඩුවීමක් දක්නට ලැබුණත්, නිල්වලා ගඟ ඉහළ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට ඉකුත් පැය 24 තුළ මිලිමීටර් 75ත් 100ත් අතර වර්ෂාපතනයක් ලැබී තිබෙන බවයි.
එසේම මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශවලට මිලිමීටර් 50ත් 75ත් අතර වර්ෂාපතනයක්ද, මහ ඔය ඉහළ ප්‍රදේශයට මිලිමීටර් 50කට ආසන්න වර්ෂාපතනයක්ද ලැබී ඇති බව වාර්තා වේ.
එසේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නිල්වලා ගඟේ අකුරැස්ස සහ ඊට පහළ ප්‍රදේශවල තවදුරටත් සුළු ගංවතුර මට්ටමක් පවතින අතර, ගිං ගඟේ පහළ ප්‍රදේශයේ පත්තිගම සහ ඒ ආසන්න ප්රදේශවලද එම තත්ත්වය පවතින බවයි.
රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ
කෙසේ වෙතත් එම ප්‍රදේශවල ජල මට්ටම්වල විශාල වැඩිවීමක් මේ වන විට පෙන්නුම් නොකළද, පහත් බිම් ඇතැම් ස්ථාන ජලයෙන් යටවීමේ අවදානම තවදුරටත් පවතින බව සඳහන්.
එමෙන්ම කළු ගඟේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් අඩුවෙමින් පවතින අතර, මිල්ලකන්ද සහ ඒ ආසන්න ප්‍රදේශවල ජල මට්ටම් තවදුරටත් සුළු ගංවතුර මට්ටමට ආසන්නව පවතින බවද වාර්තා වේ.
මේ අතර කැලණි ගඟ, අත්තනගලු ඔය සහ මහ ඔයේ ජල මට්ටම්ද ක්‍රමයෙන් පහළ යමින් පවතින අතර, මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් අනතුරුදායක ලෙස ඉහළ යාමක් පෙන්නුම් නොකරයි.
කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න
එහෙත් නිල්වලා සහ ගිං ගංගා ඇතුළු තෙත් කලාපයේ අනෙකුත් ගංගාවල ජල මට්ටම් ඉහළ අගයක පවතින බැවින්, ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය අනුව ඒවායේ ජල මට්ටම් ක්ෂණිකව ඉහළ යා හැකි බවටද අනතුරු අඟවා ඇත.
විශේෂයෙන්ම කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ලැබීමේ හැකියාව ඇති බැවින්, ගංගා ආශ්රිත පහත් බිම්වල ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
එසේම ජලාශවල ජල මට්ටම් අනුව වාන් දොරටු විවෘත කිරීමේ තත්ත්වයන් වෙනස් විය හැකි බැවින්, අදාළ ආයතන නිකුත් කරන නිල නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද වැඩිදුරටත් දැනුම් දී ඇත.