එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇඟ කිලි පොළා යන බිහිසුණු අනතුරක් - 14ක් ජීවිතක්ෂයට 30කට තුවාල

Report

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා (Fujairah) එමීර් රාජ්‍යයේදී, ට්‍රක් රථයක් සහ තවත් වාහන කිහිපයක් සම්බන්ධයෙන් සිදුවූ අනතුරක් සහ ඉන් හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාර්තා වූ දරුණුතම මාර්ග අනතුරු අතුරින් එකක් බව සඳහන්.

මේ අතර ෆුජයිරා පොලිසිය පැවසුවේ, මධ්‍යම රාත්‍රියට මඳ වේලාවකට පෙර ෂෙයික් කලීෆා බින් සයීඩ් මාර්ගයේදී, ෆුජයිරා වෙත ඇතුළු වන ස්ථානය ආසන්නයේදී ට්‍රක් රථ රියදුරුට වාහනයේ පාලනය ගිලිහී ගිය බවයි.

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

එහිදී ට්‍රක් රථය වෙනත් වාහනයක ගැටී පෙරළී ගිය අතර, ඉන්පසු රථවාහන තදබදය නිසා මන්දගාමීව ගමන් කරමින් හෝ නතර වී තිබූ තවත් වාහන කිහිපයක ගැටී ඇති බව පොලිසිය පවසා ඇත.

එහිදී ට්‍රක් රථයේ ගින්නක් හටගත් අතර, එය අනතුරට ලක්ව තිබූ තවත් වාහන කිහිපයකට ද පැතිර ගිය බව පොලිසිය වැඩිදුරටත් පැවසූ බව සඳහන්.

මේ අතර තුවාල ලැබූවන්ගෙන් 15 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති අතර, තවත් 15 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව ෆුජයිරා පොලිසිය කියා ඇත.

එසේම මියගිය අය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් ද සිටින අතර, අනෙකුත් වින්දිතයින් හඳුනා ගැනීම සඳහා බලධාරීන් DNA පරීක්ෂණ සිදු කරමින් සිටින බව සඳහන්.  

කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න

කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න

සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයක් - අද දිනයේ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයක් - අද දිනයේ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්