කුරුණෑගල අයට සුබ ආරංචියක් - හෙට සිට
හෙට (13) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 12.49 ක වියදමින් ඉදිකළ දොඩම්ගස්ලන්ද දෙවන ශ්‍රේණියේ තැපැල් කාර්යාලය සහ රුපියල් මිලියන 13.5 ක වියදමින් ඉදිකළ නාගොල්ලාගම දෙවන ශ්‍රේණියේ තැපැල් කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත.
එබැවින් දොඩම්ගස්ලන්ද තැපැල් කාර්යාලය පෙරවරු 11.00 ට සහ නාගොල්ලාගම තැපැල් කාර්යාලය පස්වරු 2.30 ට ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා ඇත.
2025 වර්ෂයේ තැපැල් දෙපාර්තුමේන්තුවේ නව ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 600 ක් සහ පවතින ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රුපියල් මිලියන 600ක් වෙන් කර තිබූ අතර ඒ් යටතේ නව ඉදිකිරීම්වලට වෙන් කළ රුපියල් මිලියන 600 ක මුල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම නව තැපැල් කාර්යාල ඉදිකර ඇත.
එසේම 2025 වසරේ ගොඩනැගිලි අළුත්වැඩියාවන් සඳහා මිලියන 600 ක් වෙන් කළ අතර එම මුදලින් තැපැල් කාර්යාල හා පාලන කාර්යාල 200 ක් පමණ අළුත්වැඩියා කිරීමට හැකියාව ලැබී තිබීම ද විශේෂත්වයක් වේ. කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සේවය කරන තැපැල් සේවක කාර්ය මණ්ඩලය 1727 ක් ලෙස වාර්තා වේ.
ඒ අනුව දොඩම්ගස්ලන්ද තැපැල් කාර්යාලය 1989 සිට කුලී පදනම මත විවිධ පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වා ගෙන ගොස් ඇත.
එමෙන්ම නාගොල්ලාගම තැපැල් කාර්යාලය 1991 වසරේ සිට කුලී පදනම මත විවිධ ගොඩනැගිලිවල පවත්වාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
මෙම නව තැපැල් කාර්යාල ඉදිකිරීම් සමඟ කුලී වියදම් දැරීමට රජයට සිදු නොවේ. එමෙන්ම 2026 වසරේ දී තැපැල් සේවාවේ නව ගොඩනැගිලි ඉදිකිරීමට රුපියල් මිලියන 400 ක් වෙන් කළ ද 2025 වසරේ අවසන් කාර්තුවේ ආරම්භ කර එම වසරේ අවසන් කිරීමට නොහැකි වූ අත්‍යාවශ්‍ය ගොඩනැගිලි සඳහා එම මුදල යෙදවීමට කටයුතු යොදා ඇත.
එමෙන්ම 2026 වසරේ අලුත්වැඩියා සඳහා වෙන් කරන ලද මිලියන 600 න් නුවරඑළිය තැපැල් කාර්යාලයේ සංවර්ධන ව්‍යාපෘතියත්, අනෙකුත් පළාත්වල අත්‍යාවශ්‍ය කාර්යාල අලුත්වැඩියාවන් සිදුකිරීමටත් මුදල් වෙන් කර ඇති බව සඳහන්.
තවද මධ්‍යම තැපැල් හුවමාරුවට CCTV 209 ක් මිලදී ගැනීම වෙනුවෙන් මිලියන 27 ක්, Desktop පරිගණක 225 ක් සඳහා මිලියන 74 ක් ද, ටැබ් පරිගණක 1500 ක් සඳහා මිලියන 101 ද වෙන් කර තිබෙනවා.
මේ අතර මඩකලපුව, පොළොන්නරුව, මධ්‍යම තැපැල් හුවමාරුව, තැපැල් මූලස්ථානය යන ගොඩනැගිලිවල රුපියල් මිලියන 24 ක් වැය කොට නව සූර්ය බලශක්ති උත්පාදන පද්ධති සකස් කිරීමට කටයුතු කර ඇත.
පොළොන්නරුව තැපැල් සංකීර්ණයේ එම කටයුතු අවසන් කර ඇති අතර රුපියල් මිලියන 31 ක් වියදම් කොට තැපැල් කාර්යාල වෙනුවෙන් සවිකිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර 657 ක් මිලදී ගැනීමට ද තැපැල් දොපාර්තමේන්තුව කටයුතු කර ඇති බව වාර්තා වේ.