ඊයේ මුළු රටම හොයපු 2027 අයවැයේ දෙවනවර කියවීමේ විවාදය අද සිට නොවැම්බර් 20 දක්වා - 20 න් පසු වැඩ වෙන්නේ මෙහෙමයි
2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (12) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද (13) දින සිට ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව අද සිට එළඹෙන නොවැම්බර් 20 වැනි දින තෙක් දින 7 ක කාලයක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බව සඳහන්.
පසුව නොවැම්බර් 20 වැනිදා ප.ව. 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.
එමෙන්ම 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා සෙනසුරාදා දින 04ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතයි.
රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ
ඉන් පසු විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනි දින ප.ව. 6.00 ට පැවැත්වෙන අතර අයවැය කාලසීමාව තුළ සෑම දිනයකම පෙ.ව 9.30 සිට පෙ.ව 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත.
එමෙන්ම පෙ.ව 10.00 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 ක් සහ පෙ.ව 10.30 සිට පෙ.ව 11.00 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න 1ක් සඳහා කාලය වෙන් කර තිබෙන අතර පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා කාල සීමාව තුළ අයවැය විවාදය පැවැත්වෙන බව සඳහන්.
එසේම ඡන්ද විමසීම් පැවැත්වෙන නොවැම්බර් 20 සහ දෙසැම්බර් 14 යන දෙදින හැර අන් සෑම දිනකම ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමටත් වෙන් කර ඇත.