"මට සමාවෙන්න මම වැරදියි" මාර්ටින් වික්‍රමසිංහ මෝඩයා කිව්වට ප්‍රසිද්ධියේ සමාව ගනී
By Ashfa
හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාට අපහාසාත්මක අයුරින් ප්‍රකාශ සිදුකළ තමීර හේරත් නම් ටියුෂන් ගුරුවරයෙකුට විරුද්ධව මේ වනවිට සමාජ මාධ්‍ය තුල දැඩි විවේචන එල්ල වෙමින් පවතී. අදාළ විඩියෝවේදී එම ගුරුවරයා විසින් මාර්ටින් වික්‍රමසිංහ ශුරීන්ව සහ සැළලිහිණි සංදේශයට අපහාසාත්මක අයුරින් අදහස් ප්‍රකාශ කර ඇත.
එම වීඩියෝව සහ එහිදී ඔහු දැක්වූ අදහස් සම්බන්ධයෙන් මේ වනවිට අදාල ගුරුවරයා සමාව අයැද වීඩියෝවක් උඩුගත කර ඇත.
එහිදී ඔහු පවසා ඇත්තේ තමන් මාර්ගගත ක්‍රමයට පන්තියට සහභාගී වන සිසුන් සදහා පන්තිය වීඩියෝ ගත කරන බවත් අදාල වීඩියෝව එයින් උපුටා ගත් කොටසක් බවත්ය.
දරුවන්ට පාඩමක් හා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේදී අදාල උදාහරණය භාවිතා කල බවත් එහිදී පවසා සිටි වචන අනවශ්‍ය හා නුසුදුසු බවත් තමන් තේරුම් ගැනීම මත සමාව ඉල්ලා ද සිටින බවයි.
එහි වීඩියෝව පහතින්,