ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්. - (VIDEO)

Tsunami Indonesia
By Wayomi Apr 18, 2024 05:10 AM GMT
Wayomi

Wayomi

Report

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන්.

බලධාරීන් අනතුරු අඟවන්නේ, විධාරණය වෙමින් පවතින ගිනි කන්දේ කොටස් මුහුදට වැටී සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවයි.

1871 වසරේදී එලෙස විදාරණය වූ ගිනි කන්දේ කොටස් මුහුදට කඩාවැටීමෙන් සුනාමි අනතුරක් ද සිදුව ඇති අතර ගිනි කන්ද අවට වාසය කළ 11,000ක පමණ පිරිසක් ආරක්ෂිත කලාප වෙත යොමුකිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

නිරන්තරයෙන් සක්‍රියව පවතින රුවන්ග් ගිනි කන්ද පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවේ උතුරුදිග සුලවේසි කලාපයේ දූපතක වන අතර එම ගිනිකන්ද මේ වනවිට විදාරණය වී තිබෙනවා.

ඉන් ලාවා සහ අළු විහිඳුවමින් පවතින අතර ඉන්දුනීසියාව ලොව වඩාත්ම සක්‍රිය ගිනි කඳු පවතින ගිනි වළල්ල කලාපයේ පිහිටා ඇත.

මීටර් 725ක උසින් යුතු රුවන්ග් ගිනි කන්ද සැලකෙන්නේ ඉන් වඩාත් සක්‍රියම ගිනි කන්දක් ලෙසයි.