සුනාමි ඛේදවාචකයේ සංවේදී කදුලු කතාව මෙන්න..දිවි පිදූ සියලුම දෙනාට මෙය උපහාරයක්ම වේවා(VIDEO)!!!..
අදින් වසර 17 කට පෙර , එනම් වසර 2004 දෙසැම්බර් 26 වැනිදා සිදුවූ සුනාමි විපත ඉතිහාසයට එක්වූ අමතක කල නොහැකි ඛේදවාචකයකි.
මේ විපතින් ශ්‍රී ලාංකිකයෝ 35,000 - 37, 000 ත් අතර සංක්‍යාවක් මරණයට පත්වූහ.දිස්ත්‍රික්ක 13 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57 ක ජනතාව සුනාමිය නිසා විපතට පත් වූහ.
පුද්ගලයන් ලක්ෂ 10 ක් අවතැන් වූ අතර නිවාස ලක්ෂයක් පමණ විනාශවිය. සුනාමිය නිසා ශ්‍රී ලංකාවට සිදුවූ අලාභය කෝටි 3800 ක් බව ගණන් බලා ඇත.
රික්ටර් මාපකයේ 9.3 ක් සටන්වූ භූමිකම්පාව සිදුවූයේ ඉන්දුනිසීයාවේ සුමාත්‍රාහි බටහිර වෙරළට ඈතිනි.
මෙම සුනාමිය ඉන්දුනිසීයා සුනාමිය නත්තල් සුනාමිය, බොක්සින් දින සුනාමිය දකුණු ආසියානු සුනාමිය යන විවිධ නම් වලින් හැඳින්විය.
මේ අතර සුනාමියේ ඒ අමිහිරි වේදනාව තවමත් විදිමින් දිවිගෙවන මිනිසුන් රැසක් අදටත් ලංකාව පුරා විවිධ ප්‍රදේශ වල ජීවත් වන බවට වාර්තා වේ.
සුනාමි විපතින් ලොව හැරගිය සියළුම ජනයා හට මෙම වීඩියෝව උපහාරයක් වේවා...!!
මේ අනුව සුනාමි ඛේදවාචකයට වසර 17ක් සපිරෙන අද දිනයේ දකුණු පලාතේ ජනතාව කියන සංවේදී කදුලු කතාව පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |