කෑ ගැසිම තුළින් සත්‍ය බොරු කරන්න බැහැ -අගරදගුරු

Arch Bishop
By Thaya Jan 20, 2021 07:36 PM GMT
Thaya

Thaya

Report

සියලු ජනතාව ජාති සහ ආගම්වලට වෙන් නොවී හෘද සාක්ෂිය අනුව කටයුතු කළ යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුවු කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට අද (20) එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ,

“මීට අවුරුදු දෙකකට පෙර අපේම ජනතාව ප්‍රාණ පරිත්‍යාගින්ගේ ගණනට එකතුවන්නට වරම් ලැබුවා. එදා ඒ පාස්කු බෝම්බ ප්‍රහාරය වෙලාවේදී සිදුවූ ඒ ව්‍යසනය අපට අමතක වන්නේ නැහැ කවදාවත්. කවදාවත් අපේ හෘද සාක්ෂියට විරුද්ධව වැඩ කරන්නට හොඳ නැහැ. හෘද සාක්ෂිය ආරක්ෂාකර ගැනීම එය අපේ වගකීමක්. මේ රට තුළ අද සිදුවෙිමන් පවතින තත්ත්වය අපි මැන බලා දැනගත යුතුයි. ජාතිය, ආගම සහ භාෂාව තුළ නීතිය අවනීතිය කරන්නට කටයුතු කරන්නේ නැතිව. වැරදි දේ කළහොත් ඒක වැරදි කියන්නට අපට ධෛර්ය තියෙන්නට ඕනේ. මේ හරි දේ හෝ වැරදි දේ කරන්නේ මොන පක්ෂයේ කෙනාද ? මොන ආගමේ කෙනාද ? මොන ජාතියේ කෙනාද ? කියන ප්‍රශ්නය නෙමෙයි වැදගත් වෙන්නේ හරි දේ කිරීම. සත්‍ය බොරුව බවට හරවන්නට කටයුතු කරනවා. කෑ ගැසිම තුළින් සත්‍ය බොරු කරන්න බැහැ.“