සෙව්වන්දි නිසා ප්‍රසිද්ධ පුවත්පතක මාධ්‍යවේදියෙකුත් ගස්
පසුගියදා බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වන සිදුවීමක් තමයි උසාවි භූමිය තුළදීම ගනේ මුල්ල සංජීව නමැති අපරාධකරු ඝාතනය වීම. මේ ඝාතනයේ මහා මොලකාරිය ලෙස සැලකෙන්නේ ඉෂාරා සෙව්වන්දී නැමැති තැනැත්තියයි.ඉතින් ඇය නිසා සිදුවී තිබෙන තවත් සිදුවීමක් ගැන කියන්නයි මේ සූදානම.
ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන නීතිඥවරියක වෙසින් උසාවි භූමියට පැමිණ සිටි ඉෂාරා සෙව්වන්දි රටින් පිට වූ බවට පළ වූ ලිපියක් මත ප්‍රශ්න කිරීම සඳහා රජයේ ප්‍රසිද්ධ පුවත්පතක කතුවරයෙකු සහ මාධ්‍යවේදියෙකු යන අයට කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බී39368//01/2025 නඩුවේ නියෝගයකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය කර ඇති කරුණු වාර්තා කිරීමක් මත ජුනි 16 වැනිදා මෙම නියෝගය නිකුත් කර තිබුණා.
පොලිස් ඇස වසා ඉෂාරා සෙව්වන්දි තීනියාවලින් ඩුබායි පැන්න හැටි” යන සිරස්තලය යටතේ එම ලිපිය පළ කර තිබෙනවා. පෙබරවාරි 19 වැනිදා කොළඹ අලුත්කඩේ අංක 05 අධිකරණ ශාලාවේදී සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිසා කොළඹ දිසා අධිකරණ කොට්ඨාසය විමර්ශනයක් සිදු කරගෙන යන බවත්, ඒ මත අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කළ බවත් එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වනවා.
