නවක වද සිදුවීමේ FR පෙත්සමට දින දෙයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද නවකවධ සිද්ධියකට මුහුණ පා සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදු වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා ජූලි 18 වැනිදාට කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියම කළා.
එය කැඳවනු ලැබුවේ ඒ, එස්. තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ත්‍රිපුද්ගල මඩුල්ල ඉදිරියේදීයි.
නවක වධය හේතුවෙන් සිසුවා සියදිවි නසාගැනීම පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසත්, වගඋත්තරකරුවන්ට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය පිළිබඳව විමර්ශන සහ වගකීමක් නියම කරන ලෙසයි මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත්තේ.
ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ එම පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම සඳහා නඩු විභාගය ජූලි 18 වනදා කැඳවන ලෙසයි.
