අම්මව බලන්න දුන් නෑ කියලා ජනප්‍රිය රංගන ශිල්පියෙක් ආරක්ෂක නිලධාරියට ගහලා..අත්අඩංගුවට

Report

හෝමාගම මූලස්ථාන පොලිසිය වාර්තා කර ඇත්තේ රෝගියකු බැලීමට අවසර නොදුන්න බවට උරණ වී හෝමාගම මූලික රෝහලේ ආරක්ෂක නිලධාරියකුට පහර දුන් බව සඳහන් ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් අත්අඩංගුවට ගත් බවයි.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පදිංචි ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් බව සඳහන්.

ඔහු තම මිතුරන් සිවුදෙනක් හා තම මව බැලීමට හෝමාගම මූලික රෝහලට ගොස් තිබෙනවා.

එහිදී රෝගියා බැලීමට එක් අවසර පත්‍රයක් පමණක් දී තිබෙන අතර ඉන් දෙදෙනකුට පමණක් යා හැකි බව පැවසීමෙන් අනෙක් දෙදෙනාට ඇතුළුවීමට ආරක්ෂක නිලධාරියා අවසර ලබා නොදී ඇත. මේ හේතුවෙන් අඳාළ ගැටුම හටගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

කොරෝනා මදිවට ඒ පාර තව ලෙඩක්

කොරෝනා මදිවට ඒ පාර තව ලෙඩක්

ඒ අවස්ථාවේදී ආරක්ෂක නිලධාරියා හා හටගත් බහින්බස්වීම දුරදිග ගොස් රංගන ශිල්පියා විසින් එම ආරක්ෂක නිලධාරියාට පහර දී ඇත.

ඒ අනුව ලද පැමිණිල්ලක් මත රංගන ශිල්පියා අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම ආරක්ෂක නිලධාරියා ද රෝහල් මූලික ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බව වාර්තා වේ.

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

කෙසේ වුවද මේ පිළිබඳ සමථයකට පත්වීමට දෙපාර්ශ්වය එකග වූ නිසා රංගන ශිල්පියා නිදහස් කොට ඇති අතර ආරක්ෂක නිලධාරියාගේ තත්ත්වයද සාමාන්‍ය බව පොලිසිය පවසයි.

අඳාළ විමර්ශන හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මනවඩු මහතාගේ උපදෙස් මත සිදුව ඇත.

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ