නැවතත් බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ ලකුණු - අද මුළු ලංකාවටම වෙන්න යන්න දේ
ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද (15) උදෑසන වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 600ක් පමණ දුරින්, නැගෙනහිර දෙසින් ස්ථානගත වී පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධතිය තවදුරටත් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඈතින් උතුරට බරව වයඹ දෙසට ගමන් කර අද දිනය වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
රාජ්‍ය සේවයට පුද්ගලයින් 40000ක් අලුතින් බඳවාගැනීම් - පාසල් සඳහා 'ස්මාර්ට් බෝඩ්' හා අන්තර්ජාල පහසුකම්
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද දිනයේදී දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින අතර, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකිය. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉන්ධන හා ගෑස් මිල ඉහළ යෑම පිටුපස පෞද්ගලික සමාගම් කරන දේ චන්දන සූරියආරච්චි හෙළිකරයි - රාජ්‍ය සමාගම් කලින් ආණ්ඩු විකුණලා
මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.