රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ අනාවරණයක්
රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා පමණක් මේ වන විට වසරකට රුපියල් බිලියන 900කට ආසන්න මුදලක් වැය වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රාජ්‍ය සේවක වැටුප් හා දීමනා ඇතුළු මෙම සියලු වියදම් පියවනු ලබන්නේ මෙරට මහජනතාව ගෙවනු ලබන බදු ආදායමෙන් බවයි.
එබැවින් මහජන මුදල් පිළිබඳව මනා අවබෝධයකින් හා වගකීමකින් යුතුව රාජකාරි ඉටු කිරීම සෑම රාජ්‍ය සේවකයෙකුගේම වගකීමක් බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මේ මාසය අවසන් වීමට පෙර ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 1,600ක් ද සෞඛ්‍ය පද්ධතියට බඳවා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා අනාවරණය කළේය.
එමෙන්ම නව පත්වීම්ලාභීන්ට ද රජය ක්‍රියාත්මක කර ඇති වැටුප් සංශෝධනවල ප්‍රතිලාභ හිමිවන බව සඳහන් කළ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ජනවාරි මාසයේ මූලික වැටුප් වැඩිවීමක් ද ජූලි මාසයේ සිට දීමනා වැඩිවීමක් ද ලබා දීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් කළේය.