රන් කිලෝ 2.5ක්, රිදී කිලෝ 1.6ක් සමඟ හෙළි වූ රාජ්‍ය නිලධාරියෙකුගේ වත්කම් - දන්නා ආදායමට වඩා 228%ක් වැඩියි,මධ්‍ය ප්‍රදේශ් වලින් ඇසෙන පුදුම කතාව
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ රාජ්‍ය නිලධාරියෙකුට අයත් ස්ථාන තුනක් වැටලීමේදී රුපියල් කෝටි 7.6කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ සහ වත්කම් සොයාගෙන තිබෙනවා.
එහිදී රන් කිලෝග්‍රෑම් 2.528ක්, රිදී කිලෝග්‍රෑම් 1.656ක් සහ රුපියල් 2,636,800ක මුදල් තොගයක් සොයාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙලෙස වැටලීමට ලක්ව ඇත්තේ මධ්‍ය ප්‍රදේශ්හි සත්පුරා කොටි රක්ෂිතයේ පච්මාරි ප්‍රදේශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරන සංජීව් කුමාර් ෂර්මා නමැති නිලධාරියාට සම්බන්ධ ස්ථානයි.
දෙවරක් පැන ගිය කොටි දෙනට අත්වූ ඛේදනීය ඉරණම - කුසේ සිටි පැටවුන් තිදෙනෙකුත් අහිමි වූ බෙංගාලයේ සංවේදී කතාව
ඔහුගේ නීත්‍යනුකූල ආදායමට වඩා විශාල වත්කම් ප්‍රමාණයක් ඔහු, ඔහුගේ බිරිඳ සහ තවත් කිහිපදෙනෙකු විසින් උපයාගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු සතු වත්කම් ප්‍රමාණය ප්‍රකාශිත ආදායමට වඩා සියයට 228කින් ඉහළ බවයි.
ඒ අනුව දූෂණ වැළැක්වීමේ පනත යටතේ නඩුවක් ගොනු කිරීමෙන් අනතුරුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම් සිදුකර තිබෙනවා.
ලෝකායුක්ත විමර්ශන කණ්ඩායම් විසින් පච්මාරි ප්‍රදේශයේ පිහිටි ඔහුගේ රජයේ නිල නිවස සහ කාර්යාලය මෙන්ම චින්ද්වාරා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවස ද පරීක්ෂාවට ලක්කර ඇති බව සඳහන්. එහිදී ස්කෝපියෝ රථයක්, මහින්ද්‍රා KUV රථයක්, රෝයල් එන්ෆීල්ඩ් බුලට් යතුරුපැදියක් සහ ස්කූටරයක් ඇතුළු වාහන හතරක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දියමන්ති 3,150කින් හැඩවුණු මිස් යුනිවර්ස් නව කිරුළ ලොවම මවිත කරමින් එළිදකියි - වසර 75ක අභිමානවත් ඉතිහාසයත් එහි සනිටුහන් වෙයි
ඒවායේ සමස්ත වටිනාකම රුපියල් ලක්ෂ 31.2ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
මීට අමතරව රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා ගෘහ භාණ්ඩ ද සොයාගෙන තිබෙනවා.
විමර්ශනවලදී ඔහුට සම්බන්ධ තවත් දේපළ දෙකක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර, ඒ අතර රුපියල් කෝටි 2ක් පමණ වටිනා බවට ඇස්තමේන්තු කර ඇති 'Ecotel Resort' නමැති සංචාරක නිකේතනයක් සහ රුපියල් කෝටියක් පමණ වටිනා 'Serenity the Villa' නමැති විලා නිවාසයක් ද වනවා.
එමෙන්ම ඉඩම් ගනුදෙනුවලට අදාළ ලේඛන 28ක් ද විමර්ශන කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ හෝටලය සහ සංචාරක නිකේතනය මෙතෙක් නිල වශයෙන් තක්සේරු කර නොමැති බැවින් සොයාගත් වත්කම්වල සමස්ත වටිනාකම තවදුරටත් ඉහළ යා හැකි බව සඳහන්.
මේ වනවිට සොයාගෙන ඇති වත්කම්වල මූලික වටිනාකම ඔහුගේ දන්නා ආදායම් මාර්ගවලට සාපේක්ෂව සියයට 560කින් පමණ ඉහළ බව ලෝකායුක්ත ආයතනය පෙන්වා දී තිබෙනවා.
වැටලීම් සහ විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී තවත් ස්ථාන පරීක්ෂා කිරීමට ද ඉඩ ඇති බව වාර්තා වනවා.