හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන චරිතයක් අභාවප්‍රාප්ත වෙයි

Report

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ. ශිවාජිලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 69 හැවිරිදි වියේ පසුවූ අතර, පසුගිය කාලසීමාව තුළ රෝගී තත්ත්වයකින් පසුවූ ඒ මහතා ඊයේ (14) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ මහතා වර්තමානයේ වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කළේය. වඩමරච්චි, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ උපන් එම්.කේ. සිවාජිලිංගම් මහතා, දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය හරහා සිය දේශපාලන ගමන ආරම්භ කළේය.

නැවතත් බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ ලකුණු - අද මුළු ලංකාවටම වෙන්න යන්න දේ

නැවතත් බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ ලකුණු - අද මුළු ලංකාවටම වෙන්න යන්න දේ

2001 සහ 2004 වර්ෂයන්හිදී දෙමළ ජාතික සන්ධානය යටතේ යාපනය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ ශිවාජිලිංගම් මහතා එම අවස්ථා දෙකෙහිදීම පාර්ලිමේන්තුවට තේරී පත්විය.

රාජ්‍ය සේවයට පුද්ගලයින් 40000ක් අලුතින් බඳවාගැනීම් - පාසල් සඳහා 'ස්මාර්ට් බෝඩ්' හා අන්තර්ජාල පහසුකම්

රාජ්‍ය සේවයට පුද්ගලයින් 40000ක් අලුතින් බඳවාගැනීම් - පාසල් සඳහා 'ස්මාර්ට් බෝඩ්' හා අන්තර්ජාල පහසුකම්

එමෙන්ම 2010 ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ද තරග කළ ඒ මහතා, 2013 වසරේ පැවැති උතුරු පළාත් සභා මැතිවරණයෙන් ජයගෙන පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කළේය.

උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටිමින් යුද්ධය නිමා වීමෙන් පසුව පැවැති උතුරු නැගෙනහිර විරෝධතා සහ උපවාසවල මූලිකත්වය ගෙන කටයුතු කළ ඒ මහතා, දෙමළ පක්ෂ කිහිපයක එකතුවෙන් දෙමළ ජාතික සන්ධානය බිහි කරලීම වෙනුවෙන් ද සක්‍රීය දායකත්වයක් ලබා දුන් අයෙකි.

අභාවප්‍රාප්ත වූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී සිදු කිරීමට නියමිතය.