ඉන්දියාවේ ට්‍රක් රථයක් මීටර් 300 ප්‍රපාතයකට පෙරළී 13ක් මරුට...දරුණු අනතුර මෙන්න..
India
Accident
Truck accident
India uththara prantha
By Aruna
කඳුකර ප්‍රදේශයකදී ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම දරුණු අනතුර සිදුව ඇත්තේ ඉන්දියාවේ උත්තරාඛාන්ද් ප්‍රාන්තයේ ප්‍රදේශයකදීයි.
තවත් හතරදෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
ප්‍රාන්ත අගනුවර වන දෙහෙරාදුන් සිට කිලෝමීටර 170ක් ඈතින් පිහිටි චක්‍රටා ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර, රථය අඩි 300 ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බව සඳහන්.
මේ වනවිට පුද්ගලයන් 13 දෙනෙකුගේ සිරුරු ඉවත් කරගෙන ඇති අතර, ජීවිතාරක්ෂක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
