covid ආසාදිත මව සිදුකළ අවදානම් සහගත තුන් නිවුන් දරු උපත
covid19
Puttalam
Chakila Madhuvanthi
W.M.A.P.B.Valisundhara
triple baby birth
By Sewvandhi
පුත්තලමේ චකිලා මදුවන්තී රාජපක්ෂ මහත්මිය පසුගිය දා රෝහල්ගත වූයේ තමා කිසිදිනෙක බලාපොරොත්තු නොවූ හේතුවකටය. එවකට මාස 7ක ගැබිනියක්ව සිටි ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බවට රෝහලේදී හඳුනාගැනුණි.
ඒ අනුව ඇය දින14ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගත්තාය. පසුව සති 34දී අධික රුධිර පීඩනය හේතුවෙන් ඇයට යළිත් රෝහල්ගතවීමට සිදුවී තිබුණි.
තුන් නිවුන් දරුවන් බිහිකිරීමට සූදානමින් සිටි මදුවන්තී පිළිබඳ ඒ වනවිටත් පුත්තලම රෝහලේ වෛද්‍යවරු මුලසිටම දැඩි අවධානයෙන් පසුවිය.
ඒ අනුව, පුත්තලම මූලික රෝහලේ ප්‍රසව හා නාරී විශේෂඥ වෛද්‍ය ඩබ්.එම්.ඒ.පී.බී වලිසුන්දර මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ ඇය 35වන සතියේදී සිසේරියන් සැත්කමකින් මෙම නිවුන් දරුවන් තිදෙනා බිහිකරන්නට සමත්වූවාය. වෛද්‍යවරු සඳහන් කළේ බිළිඳියන් දෙදෙනෙකු සහ බිළිඳෙකු එලෙස පූර්ණ සුවයෙන් පසුවන බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |