පළාත් අතර සංචරණ සීමා දැඩිවෙයි
පළාත් අතර පනවා ඇති සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් පරීක්ෂා කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අද (14) දිනයේ සිට ක්‍රියාත්මක වන බවය.
පවතින සංචරණ සීමාවලට පටහැනිව යම් පුද්ගලයෙකු පළාත් මායිම් අතර ගමන් කිරීමට පැමිණියහොත් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවද පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය පියවර ගනු ලැබීය. ඒ අනුව පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ද අත්හිටුවනු ලැබූ අතර සංචාරක, සෞඛ්‍ය, ගුවන්තොටුපොළ, වරාය, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මාන්ත ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් පළාත් අතර සංචරණය කිරීම සඳහා අවසර ලබාදී තිබේ.
කෙසේවෙතත් අදාළ අවසර සහිත පුද්ගලයින් ද විශේෂ පරීක්ෂාවකට භාජනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඊයේ දිනයේදි නිකුත් කළ සංචරණ සීමා සම්බන්ධ නිවේදනය පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

