නගරාධිපතිගේ නියෝගයෙන් නුවර එලියට කරන්න යනදේ

Srilanka nuwara eliya traval restrictions
By Sithumi Oct 18, 2021 12:31 PM GMT
Sithumi

Sithumi

Report

පිට පළාත්වලින් ජනතාව නුවරඑළියට පැමිණියහොත් ඔවුන් වහාම නැවත හරවා යවන්නැ‍යි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ මහතා පොලිසියට උපදෙස්දී ඇත

. පිට පළාත්වලින් යම් යම් පිරිස් නුවරඑළියට විවිධ ක්‍රමවලින් පැමිණෙන බවට තොරතුරු ලැබීම නිසා දිස්ත්‍රික් ලේකම්වරයා මෙලෙස උපදෙස් ලබාදී ඇත. මේ අතර දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ මහතා නුවරඑළිය නගරයේ පොලිස් පරික්ෂා කටයුතු ඊයේ (17) නිරීක්ෂණය කළේ‍ය. 

 මධ්‍යම පළාතේ අනෙකුත් දිස්ත්‍රික්කවලින් නුවරඑළිය නගරයට ජනතාව පැමිණීමේ වැඩිවීමක් දක්නට ඇති බවත් පළාතේ ජනතාව නුවරඑළිය නගරයට මෙලෙස පැමිණීම වැළැක්වීමට හැකියාවක් නැති බවත් ඔහු සඳහන් කළේය. සාමාන්‍ය දිනවලට වඩා ජනතාව පැමිණීමේ වැඩිවීමක් දක්නට ඇතැයිද ගලබඩ මහතා කීවේය.

නුවරඑළිය නගරයේ හෝටල් සෞඛ්‍ය නීතිවලට අනුකූලව පවත්වාගෙන යන ලෙසට උපදෙස් ලබාදී ඇති බවත් ඒවායේ සාද පැවැත්වීම තහනම් කර ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මේ අතර නුවරඑළිය නගරයට පැමිණෙන ජනතාව සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු කරන්නේ දැයි විපරමින් සිටින ලෙස සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇතැයි නන්දන ගලගොඩ මහතා වැඩිදුරටත් පැවැසීය.