ගුරුවරුන්ට විශේෂ පණිවුඩයක්..අවශ්‍ය අය දැන්ම මේ දේ කරගන්න...

Ministry of Education A D Susil Premajayantha Sri Lanka Education
By Aruna May 01, 2023 11:37 PM GMT
Aruna

Aruna

Report

ජාතික පාසල්වල දස වසරක සේවා කාලයකින් පසු වාර්ෂික ස්ථාන මාරු ලබා පැමිණෙන ගුරුවරුන්ට රාජකාරි භාර දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා ජාතික පාසල් විදුහල් ප්‍රධානීන්ට කාරුණික දැනුම් දීමක් කර තිබෙනවා.

මෙම දැනුම් දීම කර ඇත්තේ, ස්ථාන මාරු ලබන ගුරුවරුන්ට රාජකාරි භාර දීම ඇතැම් ජාතික පාසල් ප්‍රධානීන් ප්‍රතික්ෂේප කරන බවට අමාත්‍යාංශයට ලැබී තිබෙන පැමිණිලි අනුවයි.

මේ අතර ස්ථාන මාරු ලැබීමට අකැමැති ගුරුවරුන්ගේ අභියාචනා සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් ද අමාත්‍යාංශය විසින් පත් කර තිබීම විශේෂත්වයක්.

ස්ථාන මාරු ලබන ගුරුවරුන්ට රාජකාරි භාර ගැනීමට ඉඩ නොදී ප්‍රධාන පෙළේ පාසල්වලම රැඳී සිටීමට මාන බලන ගුරුවරුන්ගේ අභියාචනා සලකා බැලීමට කමිටු පත් කිරීම විහිළුවක් බවයි ගුරු වෘත්තිය සංගම් පවසන්නේ.

කමිටු පත් කිරීමෙන් අවබෝධ වන්නේ කළ යුතු ස්ථාන මාරු නතර කිරීමට යැයි ද එම සංගම් චෝදනා කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha