පොදු ප්‍රවාහන බස් ආනයනයට නව කොන්දේසි

Sri Lanka Bimal Rathnayake vehicle imports sri lanka Srilanka Bus Sinhala news
By Shehan May 15, 2025 03:33 AM GMT
Shehan

Shehan

Report

පොදු ප්‍රවාහන බස් රථ ආනයනය සඳහා 2026 ජනවාරි මාසයේ සිට නව කොන්දේසි මාලාවක් හඳුන්වාදීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, ආරක්ෂිත සහ නවීන තත්ත්වයට ගැලපෙන බස් රථ පමණක් ආනයනය කිරීමට අවසර හිමි වන බවයි.

ජනාධිපති කාර්යාලයේ සුපිරි වාහන 26ක් අද වෙන්දේසියට

ජනාධිපති කාර්යාලයේ සුපිරි වාහන 26ක් අද වෙන්දේසියට

 මෙම කොන්දේසි මඟින් පොදු ප්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.

අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේ, පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන නියමිත ප්‍රමිතීන්ට අනුකූලව ධාවනය වන්නේ ද යන්න පිළිබඳව ඉදිරියේදී පරීක්ෂා කිරීමටත් කටයුතු කරන බවයි. මෙම පියවර මඟින් මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව තහවුරු කිරීමට අපේක්ෂිත බව ඔහු අවධාරණය කළේය.

ඛේදවාචක රිය අනතුරකින් 21 දෙනෙකු මිය යයි

ඛේදවාචක රිය අනතුරකින් 21 දෙනෙකු මිය යයි