ජනාධිපති කාර්යාලයේ සුපිරි වාහන 26ක් අද වෙන්දේසියට

Report

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවැනි අදියර ලෙස අද (15) වාහන 26ක් වෙන්දේසි කිරීමට නියමිතය.

විකිණීමට යෝජිත සියලුම වාහන පසුගිය වසර දහය ඇතුළත නිෂ්පාදිත ඒවා වන අතර, ඒ සඳහා මිල ගණන් කැඳවීම ඊයේ (14) අවසන් විය.

අද වෙන්දේසි වන වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ දෙකක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථයක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ දෙකක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථයක්, නිසාන් පෙට්‍රල් රථ තුනක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් දෙකක්, පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථයක්, ස්සෑන් යං රෙක්ස්ටන් ජීප් රථ පහක්, ලෑන්ඩ් කෘසර් සහරා ජීප් රථයක්, වී 08 රථ හයක් සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය සහිත බස් රථයක් ඇතුළත් ය.

අද ඔබට වාසනාව පෑදෙන ධනයෝගයක්.. ගොඩක් ලග්නවලටත් අද සුබයි..

අද ඔබට වාසනාව පෑදෙන ධනයෝගයක්.. ගොඩක් ලග්නවලටත් අද සුබයි..

මීට පෙර, වෙන්දේසියේ පළමු අදියර යටතේ සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කළ වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට වෙන්දේසියක් පැවැත්විණි.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි, රජයේ වියදම් අඩු කිරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වාහන අලෙවි කිරීමට තීරණය කර ඇති අතර, පළමු වෙන්දේසියේදී ඩිෆෙන්ඩර් ජීප් රථ 9ක් ඇතුළු වාහන 15ක් විකුණා ඇත.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලයට ලබා දී තිබූ ඒවා නොවන අතර, හිටපු ජනාධිපතිවරයා විසින් ඔහුගේ ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත් කළ උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය භාවිත කළ ඒවා බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මැයි මාසයේ සිට නවතින අස්වැසුමේ ඇත්ත නැත්ත මෙන්න...