කොළඹ කොටස් වෙළඳපොළේ උඩ ගිය මිල දර්ශකය
Colombo
Colombo Stock Exchange
Economy of Sri Lanka
Sinhala news
By Shehan
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (14) දින ඉහළ මට්ටමක් වාර්තා කරමින් ඒකක 16,100 ඉක්මවා ගියේය.
ගෝලීය ආර්ථික ආතතීන් අඩුවීමට හේතු වන කොන්දේසි මතුවීම හේතුවෙන් මෙම ඉහළ යාම සිදුවූ බව වෙළඳපොළ විශ්ලේෂකයෝ පවසති.
විශේෂයෙන් එක්සත් ජනපදය සහ චීනය අතර වෙළඳ ආතතීන් ලිහිල් වීම මෙම වර්ධනයට හේතුවී ඇත.
ඊයේ (14) දින වෙළඳපොළ කටයුතු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 215.07 කින් ඉහළ ගියේය.
එසේම, S&P SL20 දර්ශකය ඒකක 76.23 කින් ඉහළ යමින් 4,734.03 ලෙස අවසන් විය. මුළු වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 3.36 ක් ලෙස වාර්තා වූ අතර, අද දින මුළු කොටස් මිලියන 123.47 ක් හුවමාරු විය.
