දේපළ සොරකම් කිරීමේ අපරාධ රැසකට සම්බන්ධ අයෙක් දැලේ
Sri Lanka Police
Sri Lanka Police Investigation
Law and Order
Sinhala news
By Kaushi
මල්වතුහිරිපිටිය පොලිස් වසමට අයත් වරපලාන ප්‍රදේශයේදී යක්කල පොලිස් වසමේ නිවසක් බිඳ දේපළ සොරකම් කළ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අඳාළ සැකකරු සම්බන්ධයෙන් අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි යක්කල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලැබුණු තොරතුරකට අනුව ඊයේ (14) දින මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අඳාළ සැකකරු 27 හැවිදිරි වරපලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
සැකකරු දේපළ සොරකම් කිරීමේ අපරාධ කිහිපයකටම සම්බන්ධ බව වාර්තා වේ.
ඒ අනුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී සොරා ගත් ලැප් ටොප් පහක් සහ ජංගම දුරකථන දෙකක් පොලීසිය මඟින් සොයා ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් යක්කල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව ද වාර්තා වේ
